(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
වැලි ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල්වරයාට විරුද්ධව ක්‍රියාමාර්ග ගැනීමට කොන්දක් නැති නම් ඔය ඇමැතිකම මොන්ටිසෝරි දරුවකුට දෙන්නැයි සමගි ජන බලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පරිසර අමාත්‍ය මොහොමඩ් නසීර් මහතාගෙන් පාර්ලිමේන්තුවේදී අද (2) ඉල්ලීමක් කළේය.
මේ තත්වය ඇතිවී තිබෙන්නේ ඇමතිවරයා එක එක්කෙනාට යටවී සිටීම නිසා බව පැවසූ මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාට පොඩි හෝ ගෞරවයක් තිබුණා නම් ඒ ගෞරවයත් මේ හොරකම් නිසා නැතිවන බවද ප්‍රකාශ කළේය.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අද කැලෑ වෙන්දේසි කරන කොම්පැණියක් බවද ඔහු ප්‍රකාශ කළේය.
මාන්නප්පෙරුම මහතා මෙසේ පැවසුවේ වනජීවී අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ එහෙම දෙන්න බැහැ. මෙ ඔක්කොම එක ්වෙ.
රන්ජන් හිරේ නොගියානම් අද මෙයා තාම ගෙදර...!