
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරුවන් නිර්මාණය කරන ලද ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු බෑගයක් (Attaché Case) යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පිළිගැන්වීය.
ලෝක නායකයන් සංචාරයන්හි නිරත වන විට වැදගත් හා රහසිගත ලිපි ලේඛන රැගෙන යාමට සුවිශේෂ බෑගයක්( Attaché Case) භාවිතා කිරීම සම්ප්‍රදායකි. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව බෑගයක් නිර්මාණය කිරීමේ කටයුත්ත ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා යුද හමුදාවට පවරනු ලැබුවේ මෙම ලෝක සම්ප්‍රදාය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙමිනි.
ජනාධිපති ලේකම් කාර්යාලය ලබා දෙන ලද පිරිවිතරයන්ට අනුව මෙම බෑගය නිර්මාණය කර තිබෙි.
මෙය ජනාධිපතිවරයාගෙන් පසුව තවත් ජනාධිපතිවරයෙකුට භාවිතා කළ හැකි පරිදි කල් පවත්නා නිමැවුමක් විය යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබූ අතර ඒ අනුව නිර්මාණය කළ මෙම බෑගය ආරක්ෂිතව සහ සැලසුම්සහගතව උසස් තත්ත්වයේ සම් භාවිතයෙන් නිමවා ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකට පැම්පස් එකක් එක්ක පෑන්ටියකුත් මහලා දීපල්ලා.
ඉතින් අපිට පාන්ද?
මෙතෙක් කල් ඔයවගේ බෑග් එකක් නැතිවද අපේ රටේ නායකයන් සංචාරය කරලා තියෙන්නේ... ඒ නිසා වෙන්නත් පුළුවන් මෙහෙම වුණේ...!
අනේ විකුම්... කමක් නැහැ.. අපි මුකුත් ඔයාට නොකියා ඉන්නම්... මෙයාට දැන් ඔය බෑග් මල්ල නෙවෙයි... පොල් කට්ටයි, පාන් කෑල්ලයි දෙන්න. පුරුදු වෙලා ඉන්නේ හිඟමනේ යන්නනේ...
මොවුන්ට පඩි ගෙවන්නේ බෑග් හදන්නද?
අනේ මන්දා මේවට කොහෙන් හිනාවෙන්නද කියලා...? බැරිද දන්නේ නැහැ එක වේලක් කාලා 3 වේලක් ඉන්න පුළුවන් පැත්තක් හදලා දෙන්න කියලා උපදෙස් දෙන්න...
දැන් ඉතින් පෙට්ටි හීනෙන් පේන කාලෙනේ...
පොඩියට ගේකුත් හදලා දුන්නා නම් ලේසියෙන්ම ගෝ හෝම් කියන්න පුළුවන්...
මේ ගොල්ලෝ ඉතින් තෑගි දීගන්නවා. රටේ මිනිස්සු කන්න දෙයක් හොයනවා...
ජාත්‍යන්තර මළගෙවල්වල යන කොට බූරු කුට්ටමක් දාගෙන යන්න පුළුවන්... රටරටවල රවුම් ගැහුවාට වැඩක් ඇති දෙයක් මෙයා කළාද?
තව ටික දවසකින් මිනිස්සු ගහලා එළවනකොට ගින්නට අහු නොවී ඉතිරිවන හොර ගිවිසුම් එහෙම දාගෙන යන්න වෙන්න ඇති...
ඔය පෙට්ටිය ඇතුලේ හංගලා තිබෙන " කාල බෝම්බය " ගැන කවුරුවත් දන්නේ නැහැ. ෂ්... ඔයගොල්ලෝ කාටවත් කියන්නත් එපා. අන්තිමට ලොක්කාගේ කෑලි ටික ඔය පෙට්ටියටම දමලා මුහුදේ පාකරන්න වෙන්නෙත් හමුදාවටම තමයි. ඊට පස්සේ අපේ රටට හොඳ කලක් උදාවේවි..!
මෙයා ජනාධිපති නෙවෙයි, ජනතා ඡන්ද 20000ක් අරගෙන නෝන්ඩි වෙලා ඉන්නේ... 134කට පින් සිද්ද වෙන්න පුටුවේ වාඩි වුණා.
සේවාවන් දිගු කරගන්න, උසස්වීම් ලබාගන්න කරන විගඩම් තමයි මේවා.... ලැජ්ජා නැද්ද මන්දා මොවුන්ට...?
දුර්ජන පාලකයින්ව රකින මුර බල්ලන්ගෙන් මීට වඩා යමක් බලාපොරොත්තු වෙන්න බැහැ. ඔවුන් තම ස්වාමීන්ට හරිම කීකරුයි. පක්ෂපාතීයි. නිවටයි.
අනේ මෙහෙම විහිළු. පිටරටින් ආපු එකක් නම් දුන්නත් කමක් නෑ. මෙයා ලංකාවේ මේ තත්ත්වෙට ඇදලා දාන්න වගකියන්න ඕන කෙනෙක් විතරයි. එයාටත් තෑගි දෙනවා.
This is like USA presidents FOOTBALL which can control the Atomic war, but for Ranil it is only control Sri Lanka Police tier gas and water cannons.
රනිල් මේ බෑගය හදන්න කීයක් ගියාද දන්නවද ? කාලය, ශ්‍රමය, අමද්‍රව්‍ය සමග රු කෝටියක් ?
හමුදාවෙන් පෙට්ටියක් හැදුවට මහජනතාව නම් මිනී පෙට්ටියක්ම හදල දෙන්නයි සැදී පැහැදී සිටින්නෙ.
ලියාගෙන කියවන ගොන් කතායි , ණය ලිපිගොනුයි දාගෙන යන්න පෙට්ටගම් හතක් හලා දීපියව්.
හිට්ලර්ගේ හමුදාවෙන් හිට්ලර්ට දුන්නු අන්තිම තෑග්ග මොකක්ද?
මේ බෑග් ඒක හදලා තියෙන්නේ... ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරුවන් විසින්.... බෑග් එකක් මහන්න තරම් දැනුමක්ද මේ ඉංජිනේරුවන්ට තියෙන්නේ... ලංකාවේ ගාමන්ට්වල වැඩකරන ළමයෙක්ට කීවා නම් ලස්සන බෑග් එකක් මහයි. ඕකට විදුලි, යාන්ත්‍රික ඉංජිනේරුවෝ ඕනේ නෑ... මේ ආයතන වෙනුවෙන් මහජන මුදල් කොච්චර වැය කරනවා ඇද්ද? ඇයි රටට වැඩක් ඇති දෙයක් නිර්මාණය කරන්න බුද්ධියක් නැද්ද..? මේ වෙලාවේ රටේ දැවෙන ප්‍රශ්න කොච්චර තියෙනවාද? ඒවාට පොඩිහරි විසඳුමක් හොයන්න මේ ඉංජිනේරුවන්ට බැරිද? විදුලිය, ඉන්ධන මේවාට විකල්ප හොයන්න පුළුවන්නේ ගන්න පඩියට ණයක් නොවෙන්න. ඉස්සර හිටපු නර්ඩ් එකේ ලොක්කා කුලසිංහ මහත්තයා දරවලින් ඉන්ධන හදන ක්‍රමයක් කියලා දුන්නා. අන්න ඉංජිනේරුවරු. එයාගේ වැඩ වලට කිට්ටුවෙන්වත් මේ ගොල්ලෝ තියන්න බෑ. මේ කට්ටිය බෑග් මහලා ජනාධිපතිට දෙනවා. ලැජ්ජාවේ සන්තෝසේ බෑ.. ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරුවන් නිර්මාණය කරන ලද ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු බෑගයක්.
ඇත්තටම පිස්සු නේද? මේ වගේ වැටිච්ච රටක් ගොඩ ගනී කියලා හීනෙකින් වත් හිතන්න පුළුවන්කමක් නැහැ නේද? පිස්සු නැතිනම් මේ වෙලාවේ ඔය වගේ පෙට්ටගම් හදන්න කියලා හමුදාවට කියාවිද? හදන විදිය ගැන කියලා දිලාලු. වෙන වැඩ මේ අයට නැද්ද? මට මතකයි 1972 මම ඉස්කෝලේ යනකොට පොත් ටික දාගෙන ගියෙත් ඔය විදියටම පෙනෙන සුට්කෙස් එකක් අරන්... අද ඉස්කෝලවලට යන ළමයින්ට පොත් බෑගයක් ගන්න විදියක් නැහැ හද්ද ගිනිගණන්.... මේ මනුස්සයා ලක්ෂ ගණන් වියදම් කරවලා සුට්කේස් හදවනවා. උසස් තත්වයේ හම් එහෙමත් දාගෙනලු. රට යනකොට ඕවා උස්සන් යන්නත් වෙනම සෙට් එකක්ම තියා ගනීවි. මම මුළුරටම වෙනුවෙන් නන්දලාල් වීරසිංහ මහා බැංකු අධිපතිගෙන් අහන්නේ අපිව මරවලා බදු ගහන්නේ මේ මෝඩ දේශපාලුවන්ට මේ විදියේ පිස්සු වැඩකරලා රට ඉවර කරලා දාන්නද? එහෙමනම් ඔහෙත් බඩු පටවාගන්න ඔයින් එකක් ඉල්ලා ගන්න. මතකයිනේ මෙයා යහපාලනේදී කෘෂිකර්ම බිල්ඩිමට කෝටි ගණන් විනාශ කළ හැටි...!
ලංකාවේ හමුදාවේ අයත් දෙන්නේ නියම ආතල් තමයි.
වෙන මුකුත් නැතුවටද? මේ බෑග් එක හදලා තියෙන්නේ යුද හමුදාවෙන්... ලැජ්ජයි..!