
(රංජන් කස්තුරි)
නව අධ්‍යයන වර්ෂය සඳහා නව උපාධි පාඨමාලා 65ක් සහ පශ්චාත් උපාධි පාඨමාලා 90ක් අලුතින් හඳුන්වා දුන් බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සමපත් අමරතුංග මහතා පවසයි.
විශ්ව විද්‍යාලවලට නව පීඨ 13ක් ද නව අධ්‍යයන අංශ 43ක් ද 2021/22 අධ්‍යයන වර්ෂය සඳහා අලුතින් ආරම්භකර තිබෙන බව ද ව ද සම්පත් අමරතුංග මහයතා සඳහන් කළේය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මූලික ආර්ථික විද්‍යාව සහ නිර්මාණත්වක සංගීත තාක්ෂණය සහ නිෂ්පාදනය යන උපාධි පාඨමාලා අලුතින් ආරම්භ කළ අතර එක් පාඨමාලාවකට සිසුන් 50 බැගින් පාඨමාලා දෙකට සිසුන් 100 දෙනකු ඇතුළත් කර ගන්නා බව ද අමරතුංග මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd