
(ඩයනා උදයංගනී)
පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී වාර්තා වූ ඒඩ්ස් (එච්.අයි.වී) ආසාදිතයින්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන ඒකකය පවසයි.
පසුගිය වසරේ මෙරටින් ඒඩ්ස් ආසාදිතයින් 411 ක් වාර්තා වී ඇති අතර, මෙම වසරේ ගත වූ මාස 9 ක කාලයේ දී ආසාදිතයින් 429 ක් වාර්තා වී ඇතැයි එම ඒකකය සඳහන් කරයි.
එම ආසාදිතයින් 429 දෙනාගෙන් 148 දෙනකු වයස අවුරුදු 15 - 30 ත් අතර වයස් කාණ්ඩයේ පසුවන අතර, ඉන් අට දෙනකු කාන්තාවන් වේ.
ඒඩ්ස් ආසාදිතයන් සඳහා නොමිලේ ප්‍රතිකාර හා උපදේශන සේවාවන් ලබාදීම සදහා ලිංගාශ්‍රිත රෝග සායන 42 ක් දිවයින පුරා රෝහල් වල ක්‍රියාත්මක අතර ඉන් සායන 30 ක් එච්.අයි.වී සදහා වෙන් කර ඇති බවද ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන ඒකකය පවසයි.
එමෙන්ම තමන් එච්.අයි.වී ආසාදිතයකු ද යන්න විනාඩි 20 ක කාලයක් තුලදී තනිව පරීක්‍ෂා කරගත හැකි ස්වයං පරීක්ෂණ උපකරණ ද ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන ඒකකය ඇමතීමෙන් හෝ ඔන්ලයින් මාර්ගයෙන් ඇණවුම් කර ලබාගත හැකි බව ද එම ඒකකය සදහන් කරයි.
2025 දෙසැම්බර් මස 04
747
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
567
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඒඩ්ස් ආසාදිතයන්ගේ වැඩිවීමක්
පිටිගල මිලානෝ Friday, 02 December 2022 06:36 PM
ලිංගික අධ්‍යාපනය පාසල්වල ක්‍රමානුකූලව ඉගැන්වීමෙන් තොරව මේ දේවල් සමාජයෙන් තුරන් කිරීම අපහසුයි. ලිංගිකත්වය අපේ ගතිපැවතුම්වල ප්‍රධානම කොටසක් වන නිසා ඒ ගැන යථාවබෝධයෙන් සිටීමෙන් එම සබඳතා මනා සංතෘෂ්ඨියකින් කර ගැනීමටත් අනවශ්‍ය ලෙඩරෝග සාදාගැනීමෙන් වැළකීමටත් උපකාරී වේ.