(රංජන් කස්තුරි)

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2021 විභාගයේ ප්‍රතිළුල මත විශ්ව විද්‍යාලවල උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා අවම ලකුණු (Z-Score)  විශ්වවිද්‍යාල ප්‍රතිපාද කොමිෂන් සභාව මගින් අද (2) නිකුත් කෙරිණි.

එම අවම ලකුණුවලට අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට 2.3291 ක්ද එම දිස්ත්‍රික්කයෙන් පේරාදෙණිය වෛද්‍ය පීඨයට 2.1807 ක් ද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට 2.1282 ක් ද අවශ්‍යෙව්.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත ශල්‍ය විද්‍යාව සඳහා කොළඹ දිස්ත්‍රික් අවම ලකුණු මට්ටම 1.8590 ක් වන අතර එම දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ජයවර්ධනපුර දන්ත පීඨයට අවශ්‍ය අවම ලකුණු මට්ටම 1.8590 කි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයට 1.7397 ක්ද යාපනය කෘෂිකර්ම පීඨයට 0.5643 ක්ද වශයෙන් අවම ලකුණු මට්ටමක්ද අවශ්‍ය වේ.

කොළඹ දිස්ත්‍රික්කයෙන් මොරටුව ඉංජිනේරු පීඨයට 2.0822 ක්ද කොළඹ නීතිපීඨයට 2.0202 ක්ද කොළඹ විශ්වවිද්‍යාලයේ කලා පීඨයට 1.7686 ක්ද ආදී වශයෙන් අවම ලකුණු මට්ටමක් ද අවශ්‍ය කෙරේ.