බොරැල්ලේ වෙඩි පත්තු වීමට හමුදාවේ දෙකක් සැකපිට බොරැල්ල හල් ගහ වත්ත ප්‍රදේශයේ දී කාන්තාවකගේ පපුවට වෙඩි වැදී මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි. 14 February 2023
මැකෝ තවත් කෝටි තිහක් ඉල්ලයි මැතිවරණ වියදම් පියවා ගැනීම සඳහා තවත් රුපියල් කෝටි 30 ක මුදලක් ඉල්ලා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතා මහ භාණ්ඩාගාරයේ ලේකම්වරයාට ලිපියක් යවා ඇත. 14 February 2023
‘‘මුදල් ගෙවන තුරු ඡන්ද පත්‍රිකා මුද්‍රණය බෑ‘‘ නියමිත මුදල් ගෙවන තුරු ඡන්ද පත්‍රිකා මුද්‍රණය නොකරන බවට, රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ මහත්මිය මැතිවරණ කොමිෂන් සභාවට ඊයේ (13) පස්වරුවේ ලිඛිතව දැනුම්දී ඇත. 13 February 2023
හමුදාවේ කොකා ගැස්සී තරුණිය මරුට බොරැල්ල සහස්‍රපුර ප්‍රදේශයේදී පොලිස් නිලධාරියකුගේ ගිනි අවිය වැරදිමකින් ක්‍රියාත්මක වීමෙන් තරුණීයක් මියගොස් ඇතැයි පොලිසිය පවසයි. 13 February 2023
මෝටර් රථ සොරාගෙන් විනිසුරුට ඇමතුමක් කුලියාපිටිය අතිරේක දිසා විනිසුරුවරයා ගේ රුපියල් ලක්ෂ හැටක් වටිනා සුඛෝප භෝගී මෝටර් රථය පැහැරගෙන ගිය පුද්ගලයා එය නැවත බාරදීමට අතිරේක දිසා විනිසුරුවරයාගේ ජංගම දුරකථනයට කතා කර රුපියල් ලක්ෂ 5ක කප්පමක් ඉල්ලා ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. 13 February 2023
සොරකුගේ ප්‍රකාශයකට පානදුර පොලිසියේ දෙකකගෙන් ප්‍රශ්න කරයි රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් කළ පරීක්ෂණයකට අදාලව පානදුර මූලස්ථාන පොලිසියේ අපරාධ අංශ ස්ථානාධිපතිවරයා සහ කොස්තාපල්වරයකු අද (13) පස්වරුවේ මහනුවර විශේෂ පොලිස් කණ්ඩායමක් ප්‍රශ්න කිරීම සදහා රැගෙන ගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි. 13 February 2023
පුංචි පාර්ලිමේන්තු අපේක්ෂක කසිප්පු පෙරද්දී මාට්ටු පළාත් පාලන මැතිවරණය සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් තිරප්පනේ ප්‍රාදේශිය සභාවට ඉදිරිපත්ව ඇති අපේක්ෂකයකු කසිප්පු පෙරමින් සිටියදි තිරප්පනේ පොලසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 13 February 2023
පාස්පෝට් ගන්න හෙට එන්න එපා විදේශ ගමන් බලපත්‍ර ගැනීම සඳහා හෙට (14) දිනයේ වේලාව වෙන්කරගත් අයදුම්කරු දෙපාර්තමේන්තුවට නොපැමිණෙන ලෙස ඉල්ලා සිටින බවත් හෙට දිනයේ සිට වේලාව වෙන්කරගත් අයදුම්කරුවන් දිනයක් පස්සට ගෙන සෙනසුරාදා දක්වා පැමිණිය යුතු අතර සේවා සැපයීම සඳහා ලබන සෙනසුරාදා දෙපාර්තමේන්තුව විවෘත කර ඇති බවත් ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉල්ක්පිටිය මහතා නිවේදනයක් නිකුත් කරමින් අද (13) පස්වරුවේ සඳහන් කළේය. 13 February 2023
පාසල් සිසුවාගේ දිවිය තොර කළ ජංගම දුරකතනය රුපියල් ලක්ෂ තුනක් පමණ වටිනා නවීන පන්නයේ ජංගම දුරකථනයට හානි කළ බව කියන17 හැවිරිදි පාසල් සිසුවකු තෝප්පුවපාලම මතින් ගඟට පැන ඇතැයි කොච්චිකඩේ පොලිසිය පවසයි. 13 February 2023
ආගමන විගමන පරිගණක පද්ධතිය බිඳවැටේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක මෙහෙයුම් පද්ධතියේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම අද (13) පස්වරුවේ අත්හිටුවීමට සිදුවූ බවත් එම පද්ධතිය මේ වන විට යථා තත්වයට පත්කරමින් සිටින බවත් ආගමන විගමන දෙපාර්තමේන්තුව පැවසීය. 13 February 2023
පියවර තුනකින් කඩිනම් සහන දෙන්න රටේ ආර්ථිකය යහපත් වීමත් සමඟ වී මිල දී ගැනීම ඇතුළු පියවර තුනක් යටතේ කඩිනම් ජනතා සහන සැලසීමට අමාත්‍ය මණ්ඩලය අද (13) තීරණය කළේය. 13 February 2023
ගෑස් ඉවරවෙලා දේහය බාගෙට පුච්චලා කොටගල අදහනාගාරයේ දේහයක් අදහනය කරමින් සිටියදි ගැස් සිලින්ඩරය එකවරම හිස් විම නිසා දේහය රැගෙන පැමිණි ඥාතින් අදහනාගාරය තුල නොසන්සුන්කාරි ලෙස හැසිරි ඇත. 13 February 2023
බිල වැඩි නොකලොත් කළුවරේ ඉන්නවෙයි විදුලි බිල වැඩි කිරීමට අවසර නොලැබුණහොත් දීර්ඝ විදුලි කප්පාදුවකට යෑමට සිදුවන බව විදුලිබල මණ්ඩලයේ ප්‍රධානීහු ජාතික සභාවට අද (13) දැනුම් දුන්හ. 13 February 2023
විදේශ රැකියා ජාවාරමක් ගැන අමාත්‍යංශය කියයි කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යංශය හරහා නෙදර්ලන්තයේ රැකියා දෙන බව පවසමින් එම අමාත්‍යංශයේ ලේකම්වරයාගේ ව්‍යාජ අස්සනක් සහ අමාත්‍යංශ ලිපි ශීර්ෂයක් භාවිත කරමින් මුදල් රැස්කරන ජාවාරමක් ක්‍රියාත්මක බවත් විදේශ සේවා නියුක්ති කාර්යංශය ජාවාරම්වරුවන් සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යංශය පවසයි. 13 February 2023
ඡන්දෙ කල්දාන ආණ්ඩුවේ අලුත් උප්පරවැට්ටිය පළාත් පාලන මැතිවරණය කල්දැමීමට 21 ක් වතාවක් උත්සාහ කළ ආණ්ඩුව, දැන් මැතිවරණයට මුදල් නොදී සිටීමට ද උත්සාහ කරමින් සිටින බව, 43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 13 February 2023
තැපැල් ඡන්ද අයිතිය සුරකින්න මෙවර ඇතැම් ප්‍රදේශවල විශාල පිරිසකට තැපැල් ඡන්ද අහිමි කර ඇතැයි වාර්තා වන බවත් මේ පිළිබඳව සොයා බලා තැපැල් ඡන්ද හිමි සෑම දෙනකුටම එම අයිතිය ලබා දීමට කටයුතු කරන්නැයි ශ්‍රී ලංකා මැතිවරණ නිරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ලිපියක් යවමින් ඉල්ලා සිටී. 13 February 2023
බස් රියැදුරා හෘදයා බාධයෙන් අසුනේම මරුට මින්නේරිය නගරයේ සිට ගිරිතලේ දක්වා ඇඟළුම් කම්හල් සේවික සේවිකාවන් ප්‍රවාහනය කරන බස් රථයක රියැදුරා හදිසි හෘදයා බාධයකට ලක්ව බස් රථය තුළම මියගොස් ඇතැයි මින්නේරිය පොලිසිය කියයි. 13 February 2023
මැතිසබය ලබන සතියේ දින හතරක් පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා සිට 24 වැනිදා දක්වා රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවතීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. 13 February 2023
අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂණයක් අධ්‍යාපනවේදී උපාධිධාරී පත්වීම් ප්‍රමාද කරමින් සමස්ත අධ්‍යාපන පද්ධතිය අඩපන කරන ආණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියාකලාපයට එරෙහිව අධ්‍යාපනවේදී උපාධිධාරීන් එකමුතුව සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට අද (13) පැවැත්විය 13 February 2023
උඩුගුවනේ දී රෝගී වූ කතක බේරාගත් ලාංකික වෛද්‍යවරිය මෙල්බර්න් නුවර සිට කොළඹ දක්වා පියාසර කරමින් තිබූ ගුවන් යානයකදී අසනීප වූ වයෝවෘද්ධ කාන්තාවකට හදිසි ප්‍රතිකාර ලබා දී ජීවිතය ආරක්ෂා කර දීමට ශ්‍රී ලාංකික වෛද්‍යවරියක් වන මනෝරි ගමගේ මහත්මිය ඉකුත් දා සමත්වූවාය. 13 February 2023
කුරුලු උණ නැති රටවලින් බිත්තර ගේන්න ශ්‍රී ලංකාවට බිත්තර ආනයනය කිරීමට රජය පියවර ගන්නේ නම් කුරුලු උණ රෝගය නැති රටවලින් පමණක් ඒවා ආනයනය කිරීමට පියවර ගන්නැයි ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය ඉල්ලීමක් කරයි. 13 February 2023
පා වෙන වියත් මගේ අයත් ගමනට එකතු කරගන්නවා පළාත් පාලන මැතිවරණය යනු ආණ්ඩු පෙරලා ජනාධිපතිවරයා වෙනස් කළ හැකි මැතිවරණයක් නොවන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 13 February 2023
ඉන්දියාවෙන් ශිෂ්‍යත්ව 200ක් ඉන්දියාවේ කීර්තිමත් විශ්ව විද්‍යාලවල උපාධි පාඨමාලා හැදෑරීම සඳහා ලාංකිකයන් 200කට පූර්ණ ශිෂ්‍යත්ව පිරිනැමීමට කටයුතු යොදා ඇතැයි ශ්‍රීලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පවසයි. 13 February 2023
චීන නෞකාවකින් පිළිපීන නෞකාවට ලේසර් ප්‍රහාරයක් චීන වෙරළ ආරක්ෂක නෞකාවක් එල්ල කළ ලේසර් කිරණ හේතුවෙන් පිලිපීන වෙරළ ආරක්ෂක නෞකාවක සිටි නැවියන්ගේ පෙනීම තාවකාලිකව අහිමි වී ඇතැයි පිලිපීන ආරක්ෂක අංශ චෝදනා කරයි. 13 February 2023
සිඟමනේ යන දරුවන් ගැන ළඟම පොලීසියට දැනුම් දෙන්න දරුවන් සිඟමනට යොදවා සිටින්නේ නම් ඒ පිළිබඳව ළඟම පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙස ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදයකුමාර අමරසිංහ මහතා පැවසීය. 13 February 2023
අවධානම් ‘වායු බැලූන’ යළි සකසන්න යයි නිෂ්පාදනය දෝෂ හේතුවෙන් ධාවනයේදී වායු බැලූන ක්‍රියාකාරිත්ව අනාරක්ෂිත මෝටර් රථ ‘වායු බැලූන’ නැවත සකස් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුධ වීරසිංහ මහතා පවසයි. 13 February 2023
දුම්රිය වර්ජනය අවසන් දුම්රිය එන්ජින් රියදුරු වෘත්තිය සමිතියක් අද (13) පෙරවරුවේ ආරම්භ කළ වැඩවර්ජනය අවසන් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 13 February 2023
ප්‍රදේශ කීපයකට පැය 10ක් ජලය කපයි රත්තොට ඇතු`ඵ ප්‍රදේශ කීපයකට අද රාත්‍රී 8.00 සිට හෙට (14) පෙරවරු 6.00 දක්වා පැය 10 ක කාලයක් ජල සැපයුම අත්හිටු වන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. 13 February 2023
විදුලි ඇමැති කුමන්ත්‍රණයක් හෙළි කරයි ඡන්දයට පෙර ලබන මස 8,9 වනවිට විදුලිය කප්පාදුව,ඉන්ධන පෝලිම් වැඩි කර රටේ ආර්ථික අර්බුදයක් ඇති කිරීමට සමහර කණ්ඩායම් කුමන්ත්‍රණ කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇතැයිද විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 13 February 2023
දරුවන් දස දහසකට කැපකරු මව්පියෝ මන්දපෝෂණයෙන් පෙළෙන වයස පහට අඩු දරුවන් 10,000කගේ පෝෂණ අවශ්යැතා සපුරාලීම සඳහා විවිධ ආයතන සහ පුද්ගලයන් කැපකරු මවුපියන් ලෙස ඉදිරිපත්ව සිටින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය. 13 February 2023
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026