සුන්බුන් අතරින් යළි උපන් තුර්කි බිළිඳා තුර්කියේ ඇන්ටක්යා නගරයේ පැය 128 ක් සුන්බුන් අතර සිරවී සිටි මාස දෙකක බිළිඳකු බේරා ගැනීමට ඊයේ (12) මුදවා ගැනීමේ කණ්ඩායම් සමත් වූ අතර එම බිළිඳාගේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය තුළ කාගේත් කතා බහට ලක්ව තිබේ. 13 February 2023
මිරිස් නිෂ්පාදනය සියයට 25කින් ඉහලට මෙම වසරේ දී දේශීය වියළි මිරිස් නිෂ්පාදනය සියයට 25කින් ඉහළ නැංවීමට අවශ්‍ය පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 13 February 2023
දංකොටුවේ කඩයක් ගින්නෙන් දැවේ දංකොටුව නගරයේ පිහිටි වෙළඳ සැලක් තුල ඇතිවූ ගින්නකින් එම වෙළද සැලට දැඩි අලාභහානි සිදුව ඇතිබව දංකොටුව පොලීසිය පවසයි 13 February 2023
කඩුගන්නා පොහොට්ටු මන්ත්‍රී කංසා සමග මාට්ටු කඩුගන්නාව පොහොට්ටු නාගරික මන්ත්‍රීවරයාගේ ගෙවත්තේ වගා කර තිබු කංසා පැල තුනක් සමග එම මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 13 February 2023
නිධන් හැරූ 12ක් පොලිස් දැලේ එප්පාවල කඩිගාව, මැඩියාව වැව් ඉස්මත්ත ප්‍රදේශයේ කුඹුරු යායක මිනිරන් කැනීම සඳහා ලබා ගන්නා ලද බලපත්‍ර උපයෝගී කර ගනිමින් නිධන් කැනීම් සිදු කරමින් සිටි පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගත්බව එප්පාවල පොලිසිය කියයි. 13 February 2023
තැපැල් ඡන්ද අයදුම්පත් 36,000ක් කුණු කූඩෙට පළාත් පාලන මැතිවරණය සඳහා ලැබී ඇති තැපැල් ඡන්ද අයදුම්පත්‍ර සංඛ්‍යාවෙන් 36,000 ක් විවිධ දෝෂ හේතුවෙන් ප්‍රතික්ෂේපවී ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය. 13 February 2023
සිසුවා පිහිනුම් තටාකයට බිලි මහරගම නගර සභාවට අයත් නාවින්න පිහිනුම් තටාකයේ විනෝදයට දිය නෑ තරුණයන් පස් දෙනකු අතර සිටි පාසල් සිසුවක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි මහරගම පොලිසිය පවසයි . 13 February 2023
අද වැස්ස නෑ දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (13) ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 13 February 2023
අම්පිටියේ සුමන හිමිට වෙඩි ප්‍රහාරයක් මඩකළපුව ශ්‍රී මංගලාරාම විහාරය සහ කෙවිලියාමඩු සුමනරතන යන විහාරස්ථානාධිපති අම්පිටියේ සුමන නාහිමියන්ට අද අලුයම නාඳුනන තුවක්කුකරුවකු වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පොලිසිය කියයි. 13 February 2023
ලක් කෙල්ලෝ දෙවන ජයත් ලබති විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා පිල සහභාගි වූ දෙවැනි තරගයේදී බංග්ලාදේශ පිල කඩුලු 7 කින් පරාජය කරමින් විශිෂ්ට ජයක් ලැබීමට සමත් විය. 13 February 2023
තැපැල් ඡන්දයට සියල්ල සුදානම් පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම සඳහා සියල්ල සූදානම් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 13 February 2023
දුම්රිය ගමන්වාර 10 ක් අවලංගුයි මුහුදුබඩ, ප්‍රධාන සහ පුත්තලම මාර්ගයේ දුම්රිය ගමන් වාර 10 කට ආසන්න සංඛ්‍යාවක් අද (13) පෙරවරුවේ අවලංගු වීමට ඉඩ ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි. 13 February 2023
වසන්ත නිදහස් කළාට එරෙහිව නීතිපතිගෙන් අයදුම්පතක් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ වැරදි සිදු කළ බවට පවරා ඇති නඩුවකින් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලබා දුන් නියෝගයේ නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක් කරමින් නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයට ප්රතිශෝධන අයදුම්පතක් ගොනු කර තිබේ. 13 February 2023
බැල්කනියේ සිරකර මහේස්ත්‍රාත්ගේ වාහනය පැහැර ගනී නිවෙසක් මිලට ගැනීමට එන බව හඟවා මහේස්ත්‍රාත්වරයකු නිවසේ ඉහළ මාලයේ බැල්කනියේ සිරකර ඔහුගේ සුඛෝපභෝගී මෝටර් රථය කොල්ලකා පලාගොස් ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. 12 February 2023
‘‘හූනියම නොවැම්බර් කපනවා‘‘ ප්‍රාදේශීය සභා, පලාත් සභා පාර්ලිමේන්තු , මෙන්ම ජනාධිපතිවරණක් පැවැත්වෙන ලංකා ඉතිහාසයේ දැවැන්තම දේශපාලන පෙරලිය 2023 වර්ෂයේදී සිදුවනවා. ලංකාවට කර ඇති හූනියමක් නොවැම්බර් මාසයේදී කපා ඉවත්කරනවා යැයි ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද හොරණදී පැවසීය 12 February 2023
ඔනේෂ් ඝාතනය ගැන සොයන්න සී.අයි.ඩීය ඉන්දුනීසියාවට කෝටිපති ව්‍යාපාරිකයකු වු ඔනේෂ් සුබසිංහ මහතා ඉන්දුනීසියාවේ ජාකර්තා හී තට්ටු නිවාස සංකීරණයකදී අභිරහස් ලෙස ඝාතනය වීම සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් ඉන්දුනීසියාවට යාමට නියමිතව ඇති බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසයි. 12 February 2023
වැවට බිලි වූ ජීවිත තුන මඩකලපුව කොක්අඩිචෝලේ ශාන්තිමලේ “මීනච්චිඔඩේ වැවේ” අද (13) සවස ඔරුවක් පෙරළීමෙන් සිදු අනතුරකින් උපකාරක පන්තිගුරුවරයකු සහ සිසුන් තිදෙනකු මියගොස් ඇති බව පොලිසිය කියයි. 12 February 2023
හොර යතුරු පැදියක් සමග ආධුනික පී.සී මාට්ටු සොරාගත් බව කියන ඩිස්කවරි වර්ගයේ යතුරු පැදියකට ව්‍යාජ අංකයක් යොදාගෙන එම යතුරු පැදිය පරිහරණය කළ බව කියන ආධුනික පොලිස් කොස්තාපල්වරයෙක් ග්‍රෑන්පාස් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. 12 February 2023
කුඩු සමග කතක් මාට්ටු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ මහපරිමාණයෙන් මත්කුඩු ජාවාරම් නිරත කාන්තාවක් රුපියල් ලක්ෂ 70 ට අධික වටිනා මත්කුඩු තොගයක් සමග ග්‍රෑන්ඩ්පාස් මහවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාස කියයි. 12 February 2023
තුර්කි භූ කම්පනයට අසු වු ලාංකික කත මරුට තුර්කියේ ඇති වූ භූමි කම්පා මාලාව හේතුවෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට තොරතුරු සොයා ගැනීමට නොහැකිව සිටි ශ්‍රී ලංකික කාන්තාව මියගොස් ඇතැයි අද(12) තහවුරු වූ බව තුර්කියේ ශ්‍රී ලංකා තානාපතිනි හසන්ති දිසානායක මහත්මිය ප්‍රකාශ කළාය. 12 February 2023
යාපා පටුනේ නිදහස් උළෙලෙන් 75 වන ජාතික නිදහස් සැමරුමට සමගාමීව “යාපනය දිස්ත්‍රික් සංස්කෘතික මංගල්‍යය” සංගීත ප්‍රසංගයක් ද සමග යාපනය කොටුව අසළ මුට්රවෙලි එළිමහන් රංග පීඨයේ දී පැවැත්විණි. 12 February 2023
ජනපති යාපනයේ දී කුඹුරට බසියි වී කිලෝවක් රුපියල් සියයක සහතික මිලකට රජයෙන් මිලදී ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 12 February 2023
මධුෂ් ගේ ගෝලයෙක් කේරළ ගංජා එක්ක මාට්ටු මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවෙකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වූ මාකදුරේ මදුෂ් ගේ ගෝලයෙකු කේරල ගංජා තොගයක් සමග විශේෂ කාර්ය බළකාය මගින් නවගමුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත. 12 February 2023
‘‘මම අඩ කුඹයි‘ ඉන්දියාවේ දී සම්මාන ලබයි ඉන්දියාවේ කල්කටා නුවරදී පැවැති 3 වැනි අන්තර්ජාතික රංගසේනා නාට්‍ය උළෙලේදී ශ්‍රී ලාංකේය තරුණ නාට්‍යෙව්දී දේවින්ද වික්‍රමසිංහට ‘රංග නාට්‍ය ශාස්ත්‍ර ‘ විශේෂ ගෞරව සම්මානය ද ඔහුගේ ‘‘මම අඩ කුඹයි‘ නාට්‍යෙය් සිංහයාට රඟ පෑ ප්‍රදීප් රාමවික්‍රමට රංගනය වෙනුවෙන් විශේෂ සම්මානයක් ද හිමිවිය. 12 February 2023
නඩු භාණ්ඩ වෙන්දේසිවලින් චණ්ඩිපාට් දමා වාහන ගන්න කල්ලියක් අධිකරණය රාජසන්තක කළ නඩු භාණ්ඩ වෙන්දේසිවලට වාහන ලබාගැනීමට පැමිණෙන සංවිධානාත්මක කල්ලියක් හේතුවෙන් වෙන්දේසිවලට සහභාගි වන සාමාන්‍ය ජනතාව දැඩි අපහසුතාවට පත්වන බවත් අදාල සංවිධානත්මක කල්ලිය හේතුවෙන් රජයට විශාල ආදායමක් අහිමිවන බවත් ජනතාව චෝදනා කරති. 12 February 2023
සුද්දන්ගේ හිත තල්වලට යයි තල් රා එංගලන්තයේ ජනප්‍රිය කිරීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කළ බව තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය ක්‍රිෂාන්ත පතිරාජ මහතා පැවසීය. 12 February 2023
අධිකරණ වරෙන්තු 46 ක් මගහැරි කාන්තාවක් අල්ලයි සෝයාමීට් තෝග තොග සපයන්නේ යැයි කෝටි දෙකකට අධික මුදලක් වංචා කර අධිකරණ වරෙන්තු 46 ක් මගහැර සිටි කාන්තාවක් කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය අද (12 ) අත්අඩංගුවට ගැනීමට සමත් විය. 12 February 2023
මුළු පවුලම එකතුවී කුඩු විකුණලා බුලත්සිංහල නගර මාධයේ ඉතා රහසිගතව සැමියා බිරිඳ දරුවන් ඇතුළු පවුලක් විසින් තම නිවසේ පවත්වාගෙන ගිය කුඩු තිප්පොලක් වටලා හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක් සමග බිරිඳ ඊයේ (11) රාත්‍රි අත්අඩංගුවට අත්අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලිසිය පවසයි. 12 February 2023
හදිසි නොවන ශල්‍යකර්ම පමා කරයි හදිසි සහ අත්‍යාවශ්‍ය නොවන ශල්‍යකර්ම වෛද්‍ය විශේෂඥයන්ගේ උපදෙස් මත කෙටි කාලයකට කල් දැමීමට සෞඛ්‍ය අමාත්‍යාංශය රෝහල් බලධාරීන්ට උපදෙස්දී ඇත. 12 February 2023
රට අර්තාපල් ගෙඩියට බද්දක් ඉල්ලයි ආනයනික අර්තාපල් මත බද්දක් පනවන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිපියකින් දැනුම් දී තිබෙි. 12 February 2023
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026