IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


අධිකරණ වරෙන්තු 46 ක් මගහැරි කාන්තාවක් අල්ලයි

(යොහාන් භාසුර)

සෝයාමීට් තොග සපයන්නේ යැයි කෝටි දෙකකට අධික මුදලක් වංචා කර අධිකරණ වරෙන්තු 46 ක් මගහැර සිටි කාන්තාවක් කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය අද (12 ) අත්අඩංගුවට ගැනීමට සමත් විය.

නුගේගොඩ, නාවල ප්‍රදේශයේ වෙළෙඳ නියෝජිතායතනයක් පවත්වාගෙන ගිය 38 හැවිරිදි අවිවාහක කාන්තාවක් මෙසේ අත්අඩංගුවට ගත් බවත් මෙම කාන්තාව 2020 වසරේදී පිටරට සිට ආනයනය කර සෝයාමීට් තොග සැපයීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යමින් වෙළද නියෝජිතායතනවලින් රුපියල් ලක්‍ෂයේ සිට ලක්ෂ පහ දක්වා මුදල් ලබාගෙන වංචා කර ඇති බවත් පොලිසිය කීය.

එම වංචාවට හසුවූ ව්‍යාපාරිකයින් රැසක් මිරිහාන පොලිසියට පැමිණිලි කර ඇති බව කී පොලිසිය ඉන් පැමිණිලි නඩු 46 ක් අදාලව මෙම කාන්තාවට එරෙහිව විභාග වන අතර ඇය ඒ සියලු නඩුවල නඩු වාරයකට පමණක් පෙනී සිට අධීකරණය හමුවේ පෙනී සිටිම පැහැර හැර සැගව සිටි බව ද සඳහන් කළේය.

අදාල කාන්තාව කඩවත, ගනේමුල්ල පාරේ නිවසක සැඟව සිටින්නේ යැයි ලැබුණු ඔත්තුවකට අනුව නුගේගොඩ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ. පී. එස්. ජයමහ මහතාගේ උපදෙස් මත නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එන්. විජේරත්න මහතා ඇතුළු කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේය. එම කාන්තාව ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට හෙට (13) ඉදිරිපත් කිරීමට නියමිතය.  



අදහස් (0)

අධිකරණ වරෙන්තු 46 ක් මගහැරි කාන්තාවක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 541 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site