(අංජුල මහික වීරරත්න)
ආනයනික අර්තාපල් මත බද්දක් පනවන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිපියකින් දැනුම් දී තිබෙි.
මෙරට අර්තාපල් වගා කරන ගොවීන් මෙන්ම දේශීය අර්තාපල් වගාව ආරක්ෂා කර ගැනීම අරමුණු කර ගනිමින් දේශීය වශයෙන් අර්තාපල් අස්වනු නෙළන අවස්ථාවේ දී විදේශ රටවලින් අර්තාපල් ආනයනය අධෛර්යමත් කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් වැඩ පිළිවෙළක් ආරම්භ කර ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
ඒ අනුව අර්තාපල් ආනයනය කිරීම තහනම් කිරීම වෙනුවට ආනයනික අර්තාපල් මත බද්දක් පනවන ලෙස ඉල්ලා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිපියක් යොමු කළ බව ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
හෙට (13) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී මේ සම්බන්ධව ජනාධිපතිවරයාට කරුණු ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
රට අර්තාපල් ගෙඩියට බද්දක් ඉල්ලයි
Lalla Sunday, 12 February 2023 10:57 PM
වෙලඳපොලේ දේශීය අර්තාපල් රූ:350-400 මිලකට විකුණනවා.මීටත් ඉහල මීලක්ද ඉල්ලීම. ඔය වගාව නවතා හරකුන්ට තණ වවාගෙන කන්න කියන්න. ආනයනික අර්තාපල් කිලෝව 125-130 අතර පහත මිලකට ලබාගතහැකියී. ඕනවට වඩා ඉහල මිල ඉල්ලීම ෂයිලොක් ආකාරයට මස් රාත්තල ඉල්ලීමක්. අවසාන ඵලය ඉල්ලුම නැතිවී.වගාව කඩාවැටීම. ඒක සහතිකයි.
තරිඳු රත්නායකMonday, 10 June 2024 08:19 PM
ඔය අල හදන්න බීජ අල කිලෝ එකක් අරගන්නේ රුපියල් 700ක මිලකට. එතකොට ඒක මාස තුනක් සත්තුන්ගෙන් දේශගුණයෙන් රෝගවලින් වල් වලින් ආරක්ෂා කරලා මිනිස්සු කන එළවළුවක් කරන්න කොච්චර වෙහෙස වෙන්න ඕනද කියලා දන්නේ අපි විතරයි. වල් අලි විතරයි ඕකට හානි කරන්නේ නැත්තේ මොකද .උන් මෙහේ නැති නිසා සුළු ගානටත් පිටරටින් අල ගෙනල්ල කන්න පුළුවන් නම් කනවා මිසක් එහෙම දෙන්නෙ කොහොමද කියලා හිතුවේ නැහැ නේද රටේ ඩොලර් නැතිවෙලාවෙ ඩොලර් පිටලට යවලා මේ රට නිෂ්පාදනය කරන්න පුළුවන් දේවල් පිටරටින් ගෙන්නන්නේ කොහොමද කියලා හිතුවේ නෑ නේද රුපියල අවපාත වෙලා තියෙද්දිත් ඩොලර් වලින් ගනුදෙනු කරලා මේ තරම් අඩු මිලට අර්ථාපල් දෙන්නේ කොහොමද කියලා හිතුවෙ නෑ නේද නාකි ටික රංග ජීව කියන නිලධාරියා යන් අර්ථාපල් අස්සෙ තිබිලා පකිස්ථානයෙන් මෙරටට ගෙනාපු මොනාදෝ ජාතියක් අල්ලලා තියෙනවා අන්න ඒ ජාතිය ක් හරහා ලාභ ලබාගෙන තමයි ඔය ජාවාරම්කාරයෝ අල ටික අඩු මිලට එළියට දාන්නේ රටේ ඉඳන් ගෙන්නපු ජාතියට සමහරු කුඩු කියලා කියනවා හොයලා බලන්න උඩරට එළවළු වගාව ඇතුලේ ජීවිකාව සරිකර ගන්න මිනිස්සු ලක්ෂ ගානක් ඉන්නවා උඩරට මිනිස්සු එළවළු වවන්නෙ නැතුව පහතරට එළවළු වවන්න කියලද කියන්නේ
බෙම්පි Monday, 13 February 2023 12:52 AM
රට අර්ථාපල් "ගෙඩියක් " ? ගෙඩියක් නෙමෙයි අලයක්.
udara Monday, 13 February 2023 10:02 AM
පරිබෝගිකයට වෙන හානිය ගැන හොයන්න කිසිවෙක් නෑ. බදු ගහල එක වැඩි කරන්න එටකොට ගොවියටත් නැ පරිබෝගිකයටත් නැ අතරමැදියෝ වැජබෙනවා. කාලකන්නි හැම එකාම.