අලි පොහොට්ටු ආණ්ඩුව සහ ජවිපෙත් මැතිවරණයට බය වෙලා අලි පොහොට්ටු ආණ්ඩුව මෙන්ම ජනතා විමුක්ති පෙරමුණත් මැතිවරණ වලට බිය වී පසු බසිමින් සිටින බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කොළඹදී අද (10) පැවසීය. 10 February 2023
මානව හිමිකම් කොමිසමේ පෙත්සම ඉවතට තමන් විසින් අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලයේ විදුලිය කප්පාදු නොකරන ලෙසට කළ විධිවිධාන කඩ කිරීමෙන් ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු පාර්ශ්වකරුවන් අධිකරණයට අපහාසයක් සිදු කරන ලදැයි මානව හිමිකම් කොමිසම ගොනුකර ඇති පෙත්සම විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළේය. 10 February 2023
උ.පෙළට එළිය ඉල්ලූ කොමිසමේ රිට් පෙත්සම විසිවෙයි අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ අඛණ්ඩව විදුලිය සැපයීමට බල කරමින් ලංකා විදුලිබල මණ්ඩලයට රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් මහජන උපයෝගීතා කොමිසම අභියාචනාධිකරණයේ ගොනුකළ රිට් පෙත්සම විභාගයට ගැනීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කළේය. 10 February 2023
ඇමෙරිකාවෙන් ඖෂධ ප්‍රදානයක් ඇමෙරිකා එක්සත් ජනපදයේ හාර්ට් ටු හාර්ට් සංවිධානය ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 6.9 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් බිලියන 2.6) ක් වටිනා කමින් යුත් ඉන්ද්‍රීයන් බද්ධ කිරීමට අවශ්‍ය ඖෂධ සහ පිළිකා ඖෂධ තොගයක් ප්රදානය කර ඇතැයි ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත. 10 February 2023
ලංකාවේ සියයට 35කට හරියට කන්න නෑ ශ්‍රී ලංකා ජනගහණයෙන් සියයට 35 ක් තමන් ගන්නා ආහාර වේල් ප්‍රමාණය අඩු කර ඇතැයි ලෝක ආහාර වැඩසටහනේ නවතම දෙසැම්බර් සමීක්ෂණ වාර්තාව පෙන්වා දී ඇත. 10 February 2023
පකිස්ථාන මාණ්ඩලික ප්‍රධානී ජනපති හමුවෙයි තෙදින නිල සංචාරයක් සඳහා පැමිණි පාකිස්ථානයේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් සහීර් ෂම්ෂාඩ් මිර්සා (Sahir Shamshad Mirza) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය. 10 February 2023
විපක්ෂය නෑවිත්ම හිටියත් කමක් නෑ විපක්ෂය පාර්ලිමේන්තුවට නෑවිත්ම හිටියත් කමක් නැතැයි ද මන්ද ඔවුන් ආවා කියලත් කරන වැඩක් නැතැයි සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්රීනී ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවසුවාය. 10 February 2023
බසය පෙරැළි12 ක් රෝහලේ ශ්‍රී පලාබද්දල සිට රත්නපුර බලා ගමන් කරමින් තිබු සිරිපා වන්දනා විශේෂ සේවා සඳහා යොදා තිබු රත්නපුර ලංගම ඩිපෝවට අයත් බස් රථයක් එම මාර්ගයේ ඉඳුරුව ප්‍රදේශයේ දී අද(10) පාරෙන් ඉවතට පැන අඩි 30 ක් පමණ හෙළකින් පහළට පෙරළී තුවාල ලැබූ දොළොස් දෙනෙක් ගිලීමලේ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි. 10 February 2023
ජනපති චිත්‍ර බලන්න යයි 75 වන ජාතික නිදහස් සැමරුමට සමගාමීව කොළඹ 07 සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජේ.ඩී.ඒ. පෙරේරා කලාගාරයේ පැවැත්වෙන “ ආර්ට් ඔෆ් ශ්‍රී ලංකා” චිත්‍ර ප්‍රදර්ශනය නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගියේය. 10 February 2023
රාජ්‍ය සේවා කොමිෂන් සභාවට චෝදනාවක් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට යැවූ වැදගත් ලිපියකට මාස එකහමාරකින් පිළිතුරක් ලැබී නැතැයි සභානායක අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (10 )පැවසීය. 10 February 2023
ඡන්ද දායකයා බියගැන්වීම් පාලනය කළ යුතුයි බය කර,තර්ජනය කර ඡන්ද දායකයාට ඡන්දය දීමේ අයිතිය පාලනය කිරීමේ ක්‍රියාවලිය රජය විසින් පාලනය කළ යුතුව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 10 February 2023
භූ චලනයෙන් චුඩාමාණික්‍ය වැටෙයි බුත්තල, පැල්වත්ත ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූ කම්පන තත්වයක් වාර්තා වී ඇතැයි බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ භූ කම්පන පිළිබඳ නිරීක්ෂණ අංශය පවසයි. 10 February 2023
සජබය පෙත්සම් ඉල්ලා අස් කර ගනියි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියෝග කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර තිබූ රිට් පෙත්සම් 2 ක ඔවුන් විසින්ම ඉල්ලා අස්කරගනු ලැබිණ. 10 February 2023
මැතිසබයේ මුල් පුටුවට එන මන්ත්‍රීවරු අලුත්ම පිරිස මෙන්න නව වැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සභා වාරයේදී මුලසුනේ අසුන් ගන්නා සභාපති නාමාවලිය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. 10 February 2023
ධීවර වරාය නීතිගත සංස්ථාවේ රහස්‍ය වාර්තාවක් එළියට යවලා ධීවර වරාය නීතිගත සංස්ථාව පුද්ගලික ආයෝජන සම්බන්ධයෙන් සකස් කළ රහසිගත තාක්ෂණික කමිටු වාර්තාවක් එම සංස්ථාවේ ප්‍රධානියෙක් ව්‍යාපාරිකයින් පිරිසක් අතට පත්වීම පිළිබඳව ධීවර ඇමති ඩග්ලස් දේවානන්ද මහතාට පැමිණිලි කර ඇතැයි ධීවර අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. 10 February 2023
නිර්මල බුදු දහම ලොවට බෙදන්න රාජ්‍ය අනුග්‍රහය ථෙරවාදී බුදු දහම සුරක්ෂිත කොට මතු පරපුරට දායාද කිරීමටත් ජාත්‍යන්තරයේ ව්‍යප්ත කිරීමටත් උපරිම රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 10 February 2023
‘මැ:කෝට නියෝගයක් අවශ්‍ය නෑ‘ පළාත් පාලන මැතිවරණය නීති ප්‍රකාරව පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව දැනටමත් ප්‍රතිඥා දී ඇති බැවින් මැතිවරණය පැවැත්වීම සඳහා මැන්ඩමස් ආඥාවක් නිකුත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.තුරේ රාජා මහතා අද (10) කියා සිටියේය. 10 February 2023
අයි.එම්.එෆ් ණය දෙන්න කොන්දේසියක් දෙයි? මෙරටට ලබාදෙන ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදල සඳහා අනුමැතිය ලබා දීම රඳා පවතින්නේ ශ්‍රී ලංකාව තම ද්වි පාර්ශ්වික ණය හිමියන්ගෙන් මූල්‍ය සහතික ලබා ගැනීම මත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර ඇත. 10 February 2023
අහේනියට උත්තර හොයන මණ්ඩලය රැස් වෙයි ආර්ථික අහේනියට පත්වූ ජනතාව හඳුනාගෙන ඔවුනට කඩිනම් සහන සැලසීම සඳහා පත් කෙරුණු සුභසාධන ප්රතිලාභ මණ්ඩලයේ ඉහළපෙලේ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. 10 February 2023
මස් වැද්දෝ දෙදෙනෙක් මාට්ටු පස්සර අත්තම් නිවාස ගම්මානයේ නිවසක් තුළදි කිරි ගවයින් තිදෙනෙකු මස් කර ත්‍රිරෝද රියක දමා මුදලට විකිණිම සදහා නගරය දෙසට ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු සමග වාහනයේ තිබු මස් කිලෝ 324ක් සමඟ අද (10) සිය බාරයට ගත් බව පොලිසිය කියයි. 10 February 2023
ගුවන් සමාගම ඩොලර් කෝටි සීයක් ණයයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇමරිකානු ඩොලර් කෝටි 100 කට වැඩි ණයක සිරවී සිටින බවත් මෙම ණය සහ පොලිය ගෙවූ විට ආයතනයට කිසිදු ලාභයක් නැති බවත් වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 10 February 2023
ජනතාවට බොරු කීම සහගහන අපරාධයක් ජනතාවට බොරු පැවසීම සහගහන අපරාධයක් බව ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 10 February 2023
විපක්ෂය ළිඳ ලඟ සංගමෙි ගෑනු වගේ වත්මන් විපක්ෂය ළිඳ ලඟ සංගමයේ කයිවාරු ගහන ගෑනු වගේ යැයි පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 10 February 2023
විභාග නිරීක්ෂකගෙන් නීති දෙකක් මෙවර උසස් පෙළ ගිණුම්කරණය විෂයට පෙනී සිටි සිටි සිසුවියක තමන්ට එම විභාග ශාලාවේ නිරීක්ෂකවරයකුගෙන් සිදුවූ අසාධාරණයක් සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල්වරයාට පැමිණීලි කර ඇත. 10 February 2023
වකුගඩු ජාවාරමා රට පනින්න හදද්දී මාට්ටු බොරැල්ල පුද්ගලික රෝහලක දිළිඳු පුද්ගලයන් රවටා මුදලට වකුගඩු ලබා ගැනීමේ ජාවාරමට සම්බන්ධ තරව්කරුවෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 10 February 2023
නැගෙනහිරට සහ ඌවට පොඩි වැස්සක් නැගෙනහිර සහ ඌව පළාත්වල අද (10) වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 10 February 2023
පොලිස් සැරයන් පැදවූ මෝටර් රථය ප්‍රපාතයට පෙරළේ රත්තොට රිවස්ටන් ගෝනමඩ ප්‍රදේශයේ දි මෝටර් රථයක් අඩි 200ක් පමණ ප්‍රපාතයකට පෙරලිමෙන් මෝටර් රථය පැද වූ බව කියන පොලිස් සැරයන්වරයකුගේ බිරිය මියගොස් තවත් සිවු දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 10 February 2023
මිට්සුබිෂි සමාගම මෙරට මෙහෙයුම් අවසන් කරයි ජපාන ව්‍යාපාර ක්ෂේත්රයේ දැවැන්තයෙකු වන මිට්සුබිෂි සමාගම මෙරට මෙහෙයුම් ලබන මස අවසන් කිරීමට තීරණය කර ඇත. 09 February 2023
කරන්නාගොඩ ඝාතන සැලැස්මක් හිටපු නාවික හමුදාපති වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ්ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා ඝාතනය කිරීමේ සැලැස්මක් පිළිබඳව ලැබී ඇති තොරතුරු මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. 09 February 2023
ඩයනා අත්අඩංගුවට ගන්න පුළුවන් ආගමන විගමන පාලකවරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ගුවන් ගමන් බලපත්‍ර දෙකක් ලබාගත්තැයි කියන රාජ්‍ය අමාත්‍යවරියක වූ ඩයනා ගමගේ මහත්මිය උප්පැන්න සහතික දෙකක් ළග තබා ගැනීමේ වරදට ප්‍රමණවත් සාක්ෂි ඇති බවත්, ඇය සිදුකර ඇති වරදට අනුව වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට හැකියාව ඇති බවත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අද (09) දැනුම් දුන්නේය. 09 February 2023
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026