(කුෂාන් ජයවර්ධන)
මෙවර උසස් පෙළ ගිණුම්කරණය විෂයට පෙනී සිටි සිටි සිසුවියක තමන්ට එම විභාග ශාලාවේ නිරීක්ෂකවරයකුගෙන් සිදුවූ අසාධාරණයක් සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල්වරයාට පැමිණීලි කර ඇත.
මෙලෙස අසාධාරණයට ලක්ව ඇත්තේ මෙවර දෙවන වරට උසස් පෙළ විභාගයට පෙනී සිටින පලාගල, මිරිහම්පිටිගම පදිංචි සිසුවියකි. විභාග ශාලාවේදී තමන්ට සිදුවූ එම අසාධාරණයටම එම ශාලාවේම සිටි තවත් සිසුන් කිහිප දෙනෙකුටම මුහුණ දීමට සිදුවූ බවද ඇය පවසන්නීය.
සිසුවිය කළ පැමිණිල්ලේ මෙසේ සඳහන් වේ
ගිණුම්කරන විෂයට අදාල පළමු ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියන්න අවශ්‍ය ගණක යන්ත්‍ර භාවිතා කරන්න සිසුන්ට අවශ්‍ය වෙනවා. ඒ නිසා සිසුන් ගණක යන්ත්‍ර රැගෙනවිත් තිබුණා. මමත් ඒ සදහා ගණක යන්ත්‍රයක් රැගෙන ගියා. මම රැගෙන ගියේ සැලසුම් සකස් කිරීමට නොහැකි ගණක යන්ත්‍රයක්.
නමුත් විභාගය අවස්ථාවේදී එම ශාලාවේ හිටපු නිරීක්ෂක මහත්වරු මගෙත් තවත් සිසුන් කිහිප දෙනෙක්ගෙත් එම ගණක යන්ත්‍ර ඉවත් කරන්න කටයුතු කළා.
මගේ වගේම එම ශාලාවේ හිටපු තවත් සිසුන් කිහිප දෙනෙකුගේ ගණක යන්ත්‍ර ඉවත් කිරීමට එම විභාග නිරීක්ෂකවරයා කටයුතු කළා. ශාලාවේ සෙසු පිරිස් ගණක යනුත්‍ර භාවිතා කළා. අපි දෙතුන් දෙනකුට තමා භාවිතා කරන්න දුන්නේ නැත්තෙ. මම මේ වතාවේ දෙවැනි වරටයි අ.පො.ස.උසස් පෙළ විභාගයට පෙනී සිටින්නේ. පසුගිය වසරේදීත් මම මේ විභාගයට රැගෙන ගියේ මෙම ගණක යන්ත්‍රයමයි. එහිදී ගැටලුවක් නැතුව මම ගණක යන්ත්‍රය භාවිතා කළා යැයි ඇය පවසන්නී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරක් උන්දැලා විභාග කොමසාරිස්වරයා කියපු නීති ඉස්පිල්ලක් පාපිල්ලක් කොමාවක් අඩුවුනත් බරපතල වරදක් ලෙසට සලකනවා. මේ දැරියගේ ගණක යන්ත්‍රය උසස් එකක් නොවෙන්න ඇති. ඒ නිසා ඇයට ඉඩක් නොලැබුණානම් අසාධාරණයක් වෙනවා .පරීක්ෂණයක් කරල සහනයක් දෙනවා නම් හොදයි
විභාග නිරීක්ෂකයින් හෝ ගුරුවරුන් හෝ කවුරුන් හෝ වේවා... යාවත්කාලීන නොවූ මිනිසුන් ඕනෑතරම් සිටිනවා. ඇතැම්විට ජීවිත කාලයම ගණක යන්ත්‍රයක් අතින්වත් අල්ලා නැතිතරම් මට්ටමේ... හැබැයි වෘත්තීය අයිතිවාසිකම් ඉල්ලනකොට මොවුන් තමයි සියල්ල දත්ලා. ඔවුන් හිතන්නේ ඔවුන්ට රටම පාලනය කරන්න තරම් දැනුම ඇතැයි කියලයි. ඉල්ලීම්වලින් මිසක් දැනුමෙන් යාවත්කාලීන නොවූ වෘත්තිකයින්ගෙන් රටේ අනාගතයට සිදුවන හානිය ඉතා විශාලයි. ඉන්ධන, විදුලිය, දුම්රිය, සෞඛ්‍ය, තැපෑල වගේ ගොඩක් තැන් පිරිහිලා තියෙන්නේ මේ නිසා තමයි...
මට මතකයි මා උසස් පෙළ විභාගයට පෙනී සිටි 1982 අගෝස්තුවේදී කොළඹ ඉසිපතන විදුහලේ පැවැති විභාග ශාලාවේ හිටපු මුග්ධ ශාලාධිපතියා රසායන විද්‍යාව පළමු ප්‍රශ්න පත්‍රයට කටු වැඩ සඳහා කඩදාසි ලබා දෙන්න බැහැ කියලා දුන්නේ නැහැ. ඒ මෝඩයා ඒ විෂය පිළිබඳව කිසිම දැනුමක් නැති කෙනෙක්. අඩුම තරමින් විභාග දෙපාර්තමේන්තුවට දුරකථන ඇමතුමක් දීලා වත් ඇහුවේ නැති කුහකයෙක්. අපි ඒ ගැන විදුහලේ වැඩ බලපු නියොජ්‍ය විදුහල්පති හමුවී ඒ බව කිව්වත් අපිට එදා පිහිටවීමට ඔහුට පිට කොන්දක් තිබුනේත් නැහැ. අද වගේ ඕවාට ක්‍රියාකරන හැටි නඩු දාලා වන්දි ඉල්ලන හැටි අපි දැනගෙන හිටියෙත් නැහැ. අපිට හරිම අසාධාරණයක් ඒ වුනේ. පහු කලෙක මට මතකයි සිසුවෙක් ඒ පුද්ගලයාට පහර දෙන්න ගිය බවකුත්... දැන් නම් ඒ මිනිහා මැරිලාත් ඇති. මම මෙහෙම ලියුවේ සමහර මිනිස්සු හරි පණ්ඩිතයි. තමන් විතරයි ඔක්කොම දන්නේ කියලයි හිතන්නේ... දරුවෙකුට වෙන හානිය ගැන හිතන්න මනුස්සකම නැහැ.