නිමල් ජයරත්න

මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා අනුබල දීම යන චෝදනාව යටතේ හිඟුරක්ගොඩ පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කළ පොලිස් සැරෙන්වරයකු  අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ටාශ අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.

පොළොන්නරුව කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට ලැබුණු තොරතුරක් අනුව මෙම පොලිස් සැරයන්වරයා අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම චෝදනාවට අනුව පොලිස් සැරයන්වරයාගේ දුරකථනය පරීක්ෂා කිරීමෙන් අනතුරුව මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා අනුබල දී ඇති බවට කරුණු සනාථ වී ඇති බවද කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසයි.