විමුක්ති එස් රුද්‍රිගු
ජපාන ව්‍යාපාර ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන මිට්සුබිෂි සමාගම මෙරට මෙහෙයුම් ලබන මස අවසන් කිරීමට තීරණය කර ඇත.
ශ්‍රී ලංකාව බාහිර ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීම සහ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය, ස්වභාවික ද්‍රව වායු ව්‍යාපෘතිය ඇතුළු ජපාන නව ව්‍යාපෘති යෝජනා හදිසියේ අවලංගු කිරිමත්, අහිතකර ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් සහ ආර්ථික දැක්මත් මිට්සුබිෂි සමාගම වසර හැටකට පසු ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු අවසන් කිරීමට ගත් තීරණයට හේතු වූ කාරණා අතර තිබෙන බව ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකාව සහ ජපානය අතර ද්විපාර්ශික සබඳතා වල ප්‍රධාන හවුල්කරුවකු වූ මිට්සුබිෂි සමාගම වසර හැටකට ආසන්න කාලයක් මෙරට ඇතැම් යටිතල පහසුකම් ව්‍යාපෘති වල ප්‍රධාන පාර්ශ්වකරුවකු ලෙස කටයුතු කර තිබේ.
මිට්සුබිෂි සමාගමේ කොළඹ කාර්යාලය මාර්තු 31 වසා දැමීමට තීරණය කිරීම පුද්ගලික අංශයට දැඩි කම්පනයක් ගෙන දෙන ආරංචියක් වූ අතර දේශීය හා විදේශීය සමාගම් මිට්සුබිෂි සමාගමේ මෙම තීරණය හේතුවෙන් ශ්‍රී ලංකාව ලොකු පසුබෑමකට ලක් වනු ඇතැයි පවසා තිබේ.
ජපානය ශ්‍රී ලංකාවේ විශාලතම ණය දෙන්නා වන අතර පසුගිය වසරේ සැප්තැම්බර් මස වන විට ඇමරිකානු ඩොලර් බිලියන 2.46 ක මුදලක් ශ්‍රී ලංකාව ජපානයට ගෙවීමට තිබුණි.
මිට්සුබිෂි සමාගම එතෙර විවෘත කළ ප්‍රථම කාර්යාල වලින් ශ්‍රී ලංකාවේ කාර්යාලය එක් කාර්යාලයක් වූ බවත් ශ්‍රී ලංකා සමාගම් රාශියක ව්‍යාපාර සඳහා මිට්සුබිෂි සමාගම දායකත්වය ලබාදී ඇති බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කර තිබේ.
ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ අරමුදල් යටතේ ක්‍රියාත්මක වූ ව්‍යාපෘති කිහිපයක මිට්සුබිෂි මෙහෙයුම් ප්‍රධාන හවුල්කරුවකු විය.
මිට්සුබිෂි සමාගමේ කොළඹ කාර්යාලයේ කාර්ය මණ්ඩලය විස්සක් පමණ වුවත් එම සමාගමේ ව්‍යාපාර සහ ව්‍යාපෘති අංශ රාශියකින් ශ්‍රී ලාංකිකයන් දහස් සංඛ්‍යාවකට ජීවනෝපාය සපයා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බය වෙන්න එපා.ලංකාවේ පිනට පහළවුණු අසහාය නායකයා තව මාස දෙක තුනකින් කුලියාපිටියේ වෝක්ස්වැගන් කර්මාන්ත ශාලාව වගේ මිට්ෂුබිශි කර්මාන්ත ශාලාවකුත් අරියි .බලන්නකෝ දෙසැම්බර් වෙද්දී රට සව් සිරියෙන් බබලවන හැටි .පහුගියදා රාජාසන කතාවෙදීත් කිවුවා නේද ?
මේක ලංකා බංකොලොත් සීමාවේ කඩඉමක් වෙනවා. මහා බැංකු විහිලු වලින් මේ වගේ කොම්පැනි අන්දන්න බෑ. රස්සාවල් නෑ. factory වැහිලා, බිස්නස් කාරයෝ සියදිවි නසා ගනන්වා, බිස්නස් වැටිලා, නය ගෙවා ගන්න බැරිව. ඩොලර් රේට් තව හිර කරගෙන හිඟා කාපල්ලා. ඩොලර් එක නිදහස් කරා නම් ණය නැතුව ඩොලර් එනවා. අද වෙනකොට ඩොලර් රේට් විතරක් නෙවෙයි, උද්ධමණයත් සමතුලිත වෙලා. තවමත් චීන 1.5 බිලියන් SWAP එක සංචිත වල කොටසක් හැටියට තියාගෙන අපිවම රවට්ට ගන්නවා.
අවුලක් නැහැ ඉන්දියන් බඩ කැවුතු තියෙනවනේ...ඔන්න සෞභාග්‍යය දැන් උදා වේගෙන එනවා
හරිම කනගාටුදායක පුවතක් .මිට්ෂුබිශි සමාගම ඔය ගත තීරණය වෙනස් කරාවි යැයි බලාපොරොත්තු වෙනවා
අපේ රටේ පල් හොර තක්කඩි දේශපාලුවන්ට වටින්නේ කොමිස් දෙන චීන සමාගම් මිසක් අවංකව වැඩ කරන ජපන් සමාගම් නෙවෙයිනේ .හෙලු සිරිපාලයා සුදනා වුන ජපන් තානාපති තුමා බොරුකාරයා වුනා අන්තිමට බටලන්දේ පිස්සු පූසාගේ කොමිසමෙන්
ඉතාමත්ම කණගාටුදායක ආරංචියක්. රජය මේ ගැන නිහඩ ඇයි.? ලෝකයට යන පණිවුඩය ඉතා අශුභයි.
කොමිස් කාක්කන්ගේ අදුරදර්ශී ක්‍රියාවලියන්ගේ ප්‍රතිපල ,උන්ටම ආවඩා ආයු බෝ වේවා කියන්නන් හට අබ සරණයි
ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති මෙවන් සමාගම් අපේ රට එපා වී පිටව යන විට ආයෝජකයෝ බුරුතු පිටින් එයි ආයෝජනය කරන්න
දැන් චීනෙක් එයි රාජපක්ෂ පවුලට ගෑවුන.
බරපතල කාරණයක්. අනෙකුත් සමාගම් වලටත් මේ තීරණය ගන්න වුනොත් ලොකු අර්බුදයක් .
හිත අමනාපයක් හින්දා ද ?ඇයි අපේ දැන් ඉන්න ජාත්‍යන්තර සම්බන්ධතා තියන පිනාට ඕක කරලා විසඳගන්න බැරිද ?
අවුලක් නෑ. ආදානි වගේ කීර්තිමත් ආයෝජකයෝ ඇවිල්ලනේ ඉන්නේ.. මේවගේ ලොරි කම්පැනි අපිට මොකටද?
අනේ දෙවියනේ.. ලංකාවේ බහුතරයක් උස්ගොඩනැගිලි වල සෝපාන බොහෝමයක් මිට්සුබිෂි සමාගමේ නිෂ්පාදන. ඒවා නඩත්තුවත් එයාලා බොහෝදුරට කළා. වාහන විතරක් නෙවෙයි, වෙන් මෙවැනි උපකරණ ගොඩක් මේ සමාගමෙන් අපි පාවිච්චි කරනවා. රනිල්ට පින් සිදුවෙන්න මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්.. ගොබ්බයින්ට ජයවේවා..!
බොහෝම කණගාටුයි. ජනාධිපති තුමා මැදිහත් වීම සුදුසුයි.
අපේ කාලකන්නි දේශපාලකයන්ගෙන් ලැබුන තවත් එක ජයග්‍රහණයක්
කෝ දැන් මාමණ්ඩි ලෝක යුද්ධයෙන් පස්සේ ජපානේ ගොඩගන්න උදවු කල නිසා බෑනා ආවම ජපන්නු අත දිග ඇරලා උදවු කරනවා කිවුවා නේද?බලාගෙන ගියාම ඔක්කොම මෙයාට නැට්ට වනලා යන්න යනවනේ ?
මේක නමි එයාර් බෑග් නිසා පුද්ගලයෙක් මිය යාම ගැන ගැටලුවක් මිස වෙන දෙයක් නොවේ. අනිත් එක වියදම් අධික රටේ ණය බර විශාල ලෙස වැඩි කරන සුලු පිරිසකට විතරක් වාසි සලසන සැහැල්ලු දුම්රිය නැවැත්වීම රජයේ තිරණයක්. ඒක ජපානය ලංකාවට බලෙන් පටවන්න දරණ උත්සාහය ගැන සැකයක් තියෙනවා. නිකන් දෙනවා නම් කමක් නැහැ. මෙවැනි ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් ජපානය මෙතරම් කලබල වීම ගැන සොයා බැලීම වටිනවා.
අපේ රටේ ව්‍යාපෘති වලට ණය ගත්තම ලැබෙන ණයෙන් බහුතර ප්‍රමාණයක් අපතේ යන එක ඉතිහාසයේ ඉඳල තියෙන දෙයෙක්. මේක ලංකාවේ දේශපාලකයින්ගේ බලු වැඩක්. රුපියල් 200ට කරගන්න පුළුවන් වැඩේ 2000 ට කරනවා. ජපානෙන් ණයක් ගත්තොත් ජපානේ න් එන සේවකයගනේ පඩි දැක්කහම උඩ යනවා, ඔවුන්ට ලැබෙන වරප්‍ර්සාධ,කොටින්ම කීවොත් ටිකට් එක පවා බුක් වෙන්නේ ජපානෙන් ( ලංකාවෙන් ගන්නවාට වඩා වැඩි මුදලක් යනවා ) මේවා negotiate කරන්න පුළුවන් engineers ල,project managers ,project coordinators ල ලංකාවේ ඉන්නවා ,නමුත් ඔවුන්ට වැඩ කරන්න දෙන්නේ නැහැ. එහෙම කරන්න යන එකාට ඇමති ගේ අනුහසින් කෙලවෙනවා .එහෙම උන අවස්ථා ඕනේ තරම් තියෙනවා . මේක තමා ඇත්ත. පාලකයා බලු වැඩ කරනකොට රටට කෙලවෙව්නවා. ජපන් ව්‍යාපෘතිය කොයිතරම් හොඳ උනත් යන වියදමත් එක්ක ඒකෙන් රටට ලැබෙන වාසිය අඩුයි. ලැබෙන වාසි ටික දන්නා නිම* ** පාල ල වගේ කාලකන්නි උන්ගෙන් කෝටි ගණන් පගා ඉල්ලනවා . මේක ජපානේ වරදක් නොවේ ලැබෙන ණය සකසුරුවම් ව වියදම් නොකරන ලංකෑව් පාලකයාගේ වරදක් ව්‍යාපෘතිය කොයිතරම් හොඳ උනත් යන වියදමත් එක්ක ඒකෙන් රටට ලැබෙන වාසිය අඩුයි.
ජපානෙන් ලයිට් රේල්වේ ට්‍රැක් දුන්නේ 0.54 % පොලියකට. ඒකත් අවුරුදු 30කින් පස්සේ ගෙවන්න තියෙන්නේ. මාධ්‍යවල තියෙන බහුතරයක් පට්ට බොරු. ඇත්ත හොයන්න. එතකොට හම්බවෙයි. ඇත්ත ඇස් දෙක, කන් දෙක ළඟට එන්නේ නැහැ. ඇත්ත දිගටම හොයන්න...
ගොබ්බයින්ට හෙණම ගහන්න ඕනේ... ඔය ගෝඨාභය තමයි සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අවලංගු කළේ... රටට කළ වින්නැහිය මදිද... හෙණම ගහන්න ඕනේ.
තවත් මැතිවරණ ප්‍රතිඵලයක්..!
යන්න එපා. තව ටිකක් කල්පනාකර බලන්න. ලයිට් රේල් අපට අහිමිකළේ සකලසිරි කියන අති පණ්ඩිතයා ආණ්ඩුවට අණ්ඩර දීලා...