IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ලංකාවේ සියයට 35කට හරියට කන්න නෑ

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකා ජනගහණයෙන් සියයට 35 ක් තමන් ගන්නා ආහාර වේල් ප්‍රමාණය අඩු කර ඇතැයි ලෝක ආහාර වැඩසටහනේ නවතම දෙසැම්බර් සමීක්ෂණ වාර්තාව පෙන්වා දී ඇත.

ගම්බද ප්‍රදේශවල ශ්‍රී ලංකාවේ පවුල් 10 න් 9 ක්ද වතුකරයේ පවුල් 10 න් 8 ක්ද  දිනපතා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේදී දුෂ්කරතා වලට මුහුණ දෙන බවත් එම ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට ඇති ස්ථාන සහ පවුල්වල අදායම අඩුවීම එයට ප්‍රධාන හේතු වී ඇති බවත් එම වාර්තාවේ සඳහන් වේ.ශ්‍රී ලංකාවේ පවුල් 10 කින් 9 කම කණසල්ලට ආහාර ද්‍රව්‍ය වල මිල හේතු වී ඇතැයි එම වාර්තාවේ දැක්වේ.දෙසැම්බර් මාසය තුළ සහාය අවශ්‍ය පවුල් වලින් සියයට 10 කට පමණක් රජයෙන් ,රාජ්‍ය නොවන සංවිධාන වලින් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සහාය ලැබී ඇතැයි එම වාර්තාව පෙන්වා දී ඇත.

එසේම දෙසැම්බර් මාසයේ ශ්‍රී ලංකා ජනගහණයෙන් සියයට 43 ක් තමන් ගන්නා ආහාර ප්‍රමාණය අඩුකර ඇති බවත් සියයට 67 ක් තමන් කෑමට ප්‍රිය කරන ආහාර ගැනීම අතහැර අඩු කැමැත්තක් ඇති මිලදී ගත හැකි ආහාර වෙත යොමුව ඇති බවත් එම වාර්තාවේ දැක්වේ.සමස්ථයක් ලෙස ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් සියයට 68ක් දෙසැම්බර් මාසයේ ආහාර පදනම් කරගනිමින් කුසගින්න නිවා ගැනීමේ ක්‍රියා මාර්ග වලට යොමුව ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ.නොවැම්බර් මසට සාපේක්ෂව ආහාර පදනම් කරගනිමින් කුසගින්න නිවා ගැනීමේ ක්‍රියා මාර්ග වලට යොමු වූ සංඛ්‍යාව සියයට 4 කින් අඩු වී ඇති බවද එම වාර්තාව පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකාවේ වතුකරයේ පවුල් සියයට 38 ක් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බවත් ගම්බද ප්‍රදේශ වල පවුල් සියයට 34 ක් සහ නගරබද පවුල් සියයට 28 ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බවත් එම වාර්තාව පෙන්වා දී තිබේ.ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන පවුල්වලින් සියයට 37 කාන්තාව මූලික පවුල් බවත් සියයට 32 පිරිමි මූලික පවුල් බවත් එම වාර්තාවේ සඳහන් වී ඇත.

දෙසැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතභාවය වැඩිම පළාත සියයට 43 ක් වූ ඌව පළාත බවත් ආහාර අනාරක්ෂිතභාවය අඩුම පළාත සියයට 25 ක් වූ උතුරු පළාත බවත් එම වාර්තාවේ දැක්වේ. 



අදහස් (5)

ලංකාවේ සියයට 35කට හරියට කන්න නෑ

ashok Friday, 10 February 2023 04:09 PM

මේ ආණ්ඩුව නිසා දැනට 35%කට හරියට කන්න නැහැ. තව මාස කීපයක් යනකොට 70%කට විතර කන්න නැතිවෙයි. කන්න නැතිවුණත්, බලතණ්හාව ඇරිලා නැහැ...

:       2       12

ජගත් ලියනගේ Friday, 10 February 2023 08:00 PM

ඒ වුණාට දෙසිය විසි පහකට හොඳටම කන්න තියනවනේ....!

:       0       0

පිටිගල මිලානෝ Friday, 10 February 2023 08:33 PM

මොනවා කන්නද…? තිබ්බ ටිකත් මයිනෝයි, කපුටෝයි, පිස්සෙකුයි කාලා ඉවර කළාම...!

:       0       0

Sunil Saturday, 11 February 2023 09:55 AM

හැත්තෑපස්වන නිදහස් උත්සවය ඉතාම ඉහළින් සමරන්න මෙයම හොඳ හේතුවක් නොවේද?

:       0       2

බද්රානි Saturday, 11 February 2023 03:44 PM

ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයට විශාල දායකත්වයක් සපයන වතුකරයේ ජනතාවට මෙවන් තත්වයක් ඇතිවී තිබීම ගැන අපි කණගාටු වෙනවා මෙන්ම ලැජ්ජා විය යුතුයි. කිසිම රජයකින් වතුකරයේ ජනතාවගේ මූලික අවශ්‍යතා සඳහාවත් පහසුකම් ලබා නොදීමෙන් හෝ ඔවුන් වෙනුවෙන් කිසිවෙක් කතා නොකිරීමෙන්ම තේරෙනවා අපි මොනතරම් නොදියුණු මනසක් සහිත තිරිසන් ජාතියක්දැයි බව.. එහෙවු මහා ජාතියකට වගතුවක් වෙයිද? ඒ වගේම වතුකරයේ තක්කඩි ද්‍රවිඩ දේශපාලකයින්ද මේ තත්වයට ඍජුවම වගකිව යුතුයි..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 491 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site