(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
වත්මන් විපක්ෂය ළිඳ ලඟ සංගමයේ කයිවාරු ගහන ගෑනු වගේ යැයි පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
රට ගොඩ නගන වැඩසටහන ගැන වචනයක් නොකියන විපක්ෂය කයිවාරු ගසමින් රට වටා ඇවිදින බව ද නිමල් ලංසා මහතා කීය.
ජනාධිපති ඉදිරිපත් කර තියෙන වැඩසටහන වැරදි නම් හරි වැඩසටහන කුමක්දැයි කියන්නැයි විපක්ෂයට අභියෝග කරන බවද නිමල් ලන්සා මහතා කීය.
ආර්ථික අර්බුදයට දෙන විසඳුම ගැන,13 වැනි සංශෝධනය හෝ විදේශීය ප්‍රතිපත්ති ගැන කතා නොකළ යුතු බවත් ආණ්ඩුව විවේචනය කළාම ඇති බවත් විපක්ෂය තීන්දුවක් ගෙන තිබෙන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සදහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන කළ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය අමතමින් නිමල් ලංසා මහතා මේ බව පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විපක්ෂය ගෑනු වගේ ආණ්ඩුව නපුංසකයො වගේ. චන්දෙට බයේ
කට්ටිය හොඳටම බයවෙලා. පැරදිලා පාරෙවත් යන්න බැරිබව මතක් වෙලා මරු කියවනවා.
ඒකනේ මෙන්න මේ වගේ කුඩු ටිකක් විකුණලා, රටේ ළමයි ටික නඩත්තු කරන අය වගේ ඉන්න ඕනැනේ...!