
(අංජුල මහික වීරරත්න)
ථෙරවාදී බුදු දහම සුරක්ෂිත කොට මතු පරපුරට දායාද කිරීමටත් ජාත්‍යන්තරයේ ව්‍යප්ත කිරීමටත් උපරිම රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ “සිංහල ධම්මසඞගණීප්පකරණ” ග්‍රන්ථය එළිදැක්වී සඳහා ජනාධිපති කාර්යාලයේ පැවති උත්සවයේදී ය.
බුද්ධ ශාසන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව මඟින් පත්කරන ලද සංක්ෂිප්ත ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලය විසින් සම්පාදිත 28 වන ග්‍රන්ථය ලෙස "සිංහල ධම්මසඞගණීප්පකරණ" ග්‍රන්ථය එළිදැක්විණි.
මෙය ග්‍රන්ථ 07කින් සමන්විත වු අභිධර්ම පිටකයේ පළමු ග්‍රන්ථයයි.
එහි පළමු පිටපත බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.
එසේම මීට පෙර එළිදක්වා ඇති මජ්ඣිම නිකාය 3, සංයුක්ත නිකාය 1, අංගුත්තර නිකාය 3, ඛුද්දක නිකාය 1, ජාතක පාලි 1 යන ග්‍රන්ථ 05 ද ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම ද මෙහිදී සිදු කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ථේරවාදී බුදුදහම තියෙනවා යැයි කියන අපේ රට සහ සංඝයා උදාහරණයකට දුන්නා නම් ජාත්‍යන්තරයේ ඔක්කොම පැනලා වැළඳගනියි..
ලංකාවේ නිර්මල බුදු දහමක් නෑ...!
මෙතුමාට කරන්න ඕනෑ වෙලාවට කරන්න ඕනෑ ඒවා අමතක වෙන ලෙඩක් හැදිලා...!
ලංකාවේ ධර්මය නම් ලෝකෙට යවන්නේ, දෙපාරක් හිතන්න...
ලංකාවේ නම් නිර්මල බුදුදහමක් නැහැ. මෙහෙ තියෙන්නේ බඩගෝස්තර දහමක්...
ජාත්‍යන්තරයට උතුම් බුදු දහම රැගෙන ගියේ දලයි ලාමා හිමියන් බව ලෝකයම දන්නවා. උන්වහන්සේ බටහිර යුරෝපයට මෙන්ම ඇමරිකාව ඇතුළු රටවල් වලට හඳුන්වා දුන් ඒ නිර්මල බුදු දහම විදේශිකයින් බොහෝ දෙනෙක් ආදරයෙන් වැළඳ ගත්තා. ඒ අතර ලංකාවෙන් විදේශ රටවලට ගොස් ලංකාවේ බෞද්ධයින්ට පමණක් බුදු බණ දෙසන ඇතැම් චීවරධාරීන්, ඒ රටවල වෙසෙන ලාංකික ජනතාව, ආගම් හා ජාති අනුව බේද බින්න කළා මිස වෙනත් කාර්යයක් සිදු නොකළ බව විදේශ රටවල ජීවත් වෙන අය දන්නවා. නූතන තලෙයිබාන් වර්ගයේ පූජකයින් ගැනත්, විදේශිකයින්ට හොඳ අවබෝධයක් තියනවා. කරුණාකර දලයි ලාමා හිමියන් ඉතාම අසීරුවෙන් කළ ඒ උතුම් ක්‍රියාවට නිගා නොදී, දේශපාලකයින්ට වන්දිභට්ටකම් කරගෙන, සැප වාහනයකුත් ලබාගෙන කරන දේශපාලනයක් කරගෙන ලෝකෙට පව් නොදී, ලංකාවට වෙලා සැපට ජීවත් වෙන්න.
බුද්ධ රත්නයේ ආනුභාවයෙන් ධර්මරත්නය, අපේ රටේ සංඝරත්නයෙන් ආරක්ෂා වෙත්වා...!
ලෝකෙට බෙදන්න කලින් ලංකාවේ දැන් ක්‍රියාත්මක බුදුදහම කියලා කියන දේ "නිර්මල" කරන්න වැඩ කළොත් නරකද? වැඩිය ඕනෑ නෑ. සල්ලිකාර පන්සල් දෙකතුනක වෙන දේවල් හොයලා බැලුවොත් පෙනෙයි අපේ රටේ බුදු දහමේ නිර්මලකමේ තරම.
අන්න හොදයි. පිටරට අයටත් කඨින උත්සව ලොකුවට තියන්න පුළුවන්. අද කාලේ කඨින කියන්නේ සල්ලී…..
ඔන්න දළදා මාලිගාවේ රත්රන් විකුණලා රුපියල් කෝටි 50ක් හිටපු ජනපති කෙනෙකු අරන්ගියා යැයි පැවසෙන වීඩියෝවක් අන්තර්ජාලයේ හුවමාරු වෙනවා. කරුණාකර මෙහි සත්‍ය අසත්‍ය බව සොයා බලන්න...
මිලාන් නගරයේ ජීවත් වන අප ගැන අප්‍රමාණ කරුණාබරිතව අපවම සසරින් එතෙර කරවන්න සාදුලා ලංකාවේ සිට මෙහි පැමිණ පන්සල් කීපයක්ම ඇරගෙන ඉන්නවා. එක් පන්සලක්වත් මෙහි නොතිබුණු කාලේ සමගියෙන් සිටි ලාංකික සමාජය පන්සල් නිසා බෙදී වෙන්වෙලා. සමහරුන් බද්ධ වෛරයෙන් පෙලෙනවා. ලන්ඩන්, පැරිසිය, රෝමය මේ හැමතැනම තත්වේ මේකයි. එක්තරා පන්සලක දායක සභාවේ ඉන්නේ නම් දරාපු ස්ත්‍රී ලෝලියෙක් සහ පාතාලයින්.
අපේ සාදුලාට ජාත්‍යන්තරයට යන්න කියන්න ඉර්දියෙන්. මහජන මුදල් ගුවන් ටිකට් වලට එහෙම දානේ දෙන්න ලෑස්ති වෙන්න එපා...!
ඔය ජාත්‍යන්තරේට යන්න පොරකන අයට කියන්න සෝමාලියාව, ඇන්ගෝලාව, කොංගෝ රට, වෙනිසියුලාව වැනි රටවල අන්ත පීඩිතයින්ව සසරින් එතෙර කරවන්න ඒ රටවලට යන්න කියලා. එන්නෙම එංගලන්තේ, ඇමරිකාව, ඕස්ට්‍රේලියාව වගේ රටවල ඉන්න ලාංකිකයන් එතෙර කරන්නමයි. මේ අය එතෙර කරවනවා කියලා කරේ සමාජය බෙදලා වෛරක්කාරයින් කරපු එකයි. ලන්ඩනයේයි, පැරිසියේයි, මිලාන්වලයි පිංවත්තු සසරින් එතෙරවන්න මරාගන්නවා...
ජාත්‍යන්තරයට ගිය අපේ සාදු කෙනෙක් මුව දඩයමේ යන පුටින්ට කියයි “ පුටින්… පුටින්… ඔය මුවා හැරෙන්න තවත් මුවෝ රුසියාවේ සිටීද” කියලා...
බුදුන් වදාළ සද්ධර්මය ප්‍රත්‍යක්ෂ කර ගත් සැබෑ බෞද්ධයින් ලොව නන් දෙස සිටීම ගැන සතුටුයි. පලකොට තිබෙන අදහස් දැක්කාම ඒ බව පැහැදිලියි. මීට දශක ගණනාවකට පෙර විදේශ රටවලදී ඉතාම එකමුතුකමින් සිටි කතෝලික හා බෞද්ධ ජනතාව බෙදා වෙන්කළා මදිවාට, බෞද්ධයින්වත් කොටවා භේද භින්න කළා.. ලංකාවෙන් ඒ රටවලට පැමිණි චීවරධාරීන්... මෛත්‍රිය වෙනුවට, වෛරය වපුරා ඔවුන්ගේ පැවැත්ම තහවුරු කර ගත්තා මිස, ලාංකික සමාජයට නම් කිසිම සෙතක් සිදුකොට නැහැ. නිරපරාදේ ඒ රටවල මුදල් මේ පින්ගුත්තරයින් වෙනුවෙන් නහස්ති කරන වෙලාවේ, ලංකාවේ දිළිඳු බෞද්ධයින් වෙනුවෙන් පරිත්‍යාග කරන වැඩ පිළිවෙලක් සලසා ගත්තොත්, අපේ මේ අසරණ බෞද්ධයින්ව මේ හිඟනකමින් මුදා ගත හැකියි. නිකමට හිතන්න අනෙකුත් ආගමික ආයතනවලින් ඔවුන්ගේ අනුගාමිකයින්ට බොහෝ සෙයින් උදව් උපකාර කරනවා. ඒත්, බෞද්ධ අපි, මෝඩයින් ලෙස තක්කඩි රැලක් පෝෂණය කරමින් පව් ගෙවනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි..!
මන්නාරමේ තිබෙනවා මාතොට විහාරය. ඒකෙ සෑහෙන බිම් ප්‍රමාණයක් දැනටමත් පල්ලිය සහ කෝවිලට අල්ලාගෙන... දැන්වත් මේ විහාරයට ඔප්පු නිරවුල් කරදී සුරක්ෂිත කරනවද?