IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


උ.පෙළට එළිය ඉල්ලූ කොමිසමේ රිට් පෙත්සම විසිවෙයි

 

(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ අඛණ්ඩව විදුලිය සැපයීමට බල කරමින් ලංකා විදුලිබල මණ්ඩලයට රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් මහජන උපයෝගීතා කොමිසම අභියාචනාධිකරණයේ ගොනුකළ රිට් පෙත්සම විභාගයට ගැනීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කළේය.

මෙහිදී මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කටයුතු කරන ආකාරය පිළිබඳව අභියාචනාධිකරණය දෝෂ දර්ශනයට ලක් කළේය.

උපයෝගීතා කොමිසමේ සාමාජිකයන් දෙදෙනෙකු විරුද්ධ වී සිටියදී සභාපතිවරයා තනි මතයට කටයුතු කර ඇති බවත් ඒ අනුව කටයුතු කළහොත් ඉදිරියේදී අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් කොහෙත්ම විදුලිය නොමැති වීමේ අවධානමකට ලක්විය හැකි බවත් අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා කියා සිටියේය.

ඒ අනුව මෙම පෙත්සමෙහි නඩු ගාස්තු මහජන උපයෝගීතා කොමිසමෙන් අයකර නොගත යුතු බවත් ඒ පිළිබඳ විගණකාධිපතිවරයා වෙත යොමු කරන බවත් අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා පැවසුවේය.

මෙම රිට් පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලිණි.



අදහස් (1)

උ.පෙළට එළිය ඉල්ලූ කොමිසමේ රිට් පෙත්සම විසිවෙයි

Lalla Friday, 10 February 2023 06:28 PM

උසස්පෙළ කරනකාලේ විනිශ්චයකාරතුමන්ලාටවත් විදුලිය තියෙන්න නැතුව ඇති... ඒ කාලේ ලංකාවේ හැටියට... ඉතින් දැනුත් ටිකක් විතර හිතන්න ඕනෑ නේද රටේ අමාරුකම් ගැන...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 491 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site