
(ඩයනා උදයංගනී, ප්‍රසන්න පද්මසිරි සහ අයි.ආර් ඉන්දික)
බුත්තල, පැල්වත්ත ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූ කම්පන තත්වයක් වාර්තා වී ඇතැයි බව භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශයේ භූ කම්පන පිළිබඳ නිරීක්‍ෂණ අංශය පවසයි.
එහි ප්‍රභලත්වය මැග්නිටියුට් 3.0 ක් පමණ වන බව එම කාර්යාංශය සඳහන් කරයි.
මෙම භූ කම්පන තත්වය අද දහවල් 12.10 සිට 12.13 දක්වා විනාඩි තුනක පමණ කාලයක් පැවතී ඇති අතර, එය වැල්ලවාය සහ හඳපානාගල ආදී ප්‍රදේශවලට දැනී ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ මෙය සුළු භූ චලන තත්වයක් බවත්, ඒ සම්බන්ධයෙන් ජනතාව බියක් ඇතිකරගත යුතු නැති බවත්ය.
බුත්තල උණාවටුන බෞද්ධාලෝක මහා පිරිවෙනේ චෛත්‍යරාජයාගේ සවිකර තිබු චුඩා මාණික්‍යය පුපුරා ගොස් චුඩාමාණික්‍යය සවිකර තිබු කොටස ගැලවී ද බිම ඇදවැටි තිබේ. ඇතැමි ප්‍රදේශවල නිවාසවල ජනෙල් වීදුරු වැටී ඇතැයි වාර්තා වේ


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔච්චරයි අඩු වෙලා තිබ්බේ...!
රටේ දරුවන්ට හා අනෙකුත් ජනතාවට හරිහැටි කන්න බොන්න නැහැ. බඩු මිල, බඩු බර හා ඉවවහා ගිය පීඩනය නිසා නැගෙනා දුක් අඳෝනා, සුසුම්ලෑම් නීමක් නැහැ. ඒත් දේශපාලක හැතිකරය මේ ගැන වගේ වගක් නැහැ. ඉතින් මේවා අහස පොළව උහුලන්නේ නැහැ.
ජනතාව බඩගින්නේ තියලා මොවුන් කරන අපරාධයට මහපොළවත් උහුලන්නේ නැහැ.
මට අර ඩෙස්මන්ඩ්ගේ සින්දුව මතක් වුණා. චූඩ මාණිකේ බලාලා යනවා මේ අපි...
නාමල් කියලා කෙනෙක් ආවේ නැද්ද ඕකේ භාරකාරත්වය කියාගෙන?