(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇමරිකානු ඩොලර් කෝටි 100 කට වැඩි ණයක සිරවී සිටින බවත් මෙම ණය සහ පොලිය ගෙවූ විට ආයතනයට කිසිදු ලාභයක් නැති බවත් වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදීය.
මේ ගැටළු වලට විසඳුමක් ලෙස මෙම ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතු බවද ඔහු සඳහන් කළේය.
මේ අතර රටේ පවතින රෝගයට විසඳුම් ලබා ගැනීමට නම් තිත්ත බෙහෙත් බොන්න වෙන බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිත්ත බෙහෙත් දේශපාලුවන්ට පොවන්න. මහ ජනතාව ලෑස්ති නෑ හොරා කාපුවාට තිත්ත බෙහෙත් බොන්න...
ණය ගෙව්වත්, නැතත් මේ සමාගමට ලාභයක් නැහැ. රටටම සාපයක්... රජ පාළුවන්ට නිධානයක්...
අර සිරිලියගේ අටපාස් සහෝදරයා ලොව වටා රවුම් ගැහුවේ, ඔවුන්ට ගෙඕවේ අපේ රීරීමාංශ උරාබොන සල්ලිවලින් නේද? පාඩුව ඔවුන්ගෙන් අයකරන්න. අපි නොවේ ඔවුන්ව සභාපති කළේ හිටපු කාලකන්නි රජපවුල...