
(මාතලේ මහේෂ් කිර්තිරත්න සහ ශ්‍රිනාත් ප්‍රසන්න ජයසූරිය)
රත්තොට රිවස්ටන් ගෝනමඩ ප්‍රදේශයේ දි මෝටර් රථයක් අඩි 200ක් පමණ ප්‍රපාතයකට පෙරලිමෙන් මෝටර් රථය පැද වූ බව කියන පොලිස් සැරයන්වරයකුගේ බිරිය මියගොස් තවත් සිවු දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
මෙම අවසනාවන්ත අනතුරින් මියගොස් ඇත්තේ පොලිස් සැරයන්වරයාගේ බිරිද වන මාතලේ උකුවෙල ගුරලවෙල පදිංචි දිලරුක්ෂි වික්‍රමසිංහ නැමති 33 හැවිරිදි එක් දරු මවකි.
මාතලේ මුලස්ථාන පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයා පවුලේ පිරිස සමග රිවස්ටන් බලා ධාවනය කරමින් තිබියදි මෙම අවසානවන්ත අනතුරට මුහුණ පා ඇත.
අනතුරින් පොලිස් නිලධාරියාසහ 11 හැවිරිදි දියණියද පොලිස් නිලධාරියාගේ නැනාද ඇයගේ අට හැවිරිදි දියණියද තුවාල ලබා ඇති අතර ඔවුන්ද මාතලේ මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ට්‍රැෆික් සාජන් මහත්තයා නෑනා ගැන සිතමින් වාහනය පදවන්න ඇති කියලා හිතෙනවා...
වාහනය පාලනය කළ යුත්තේ පදවන පරිසරය අනුවයි කියලා මෙයාලා තාම ඉගෙනගෙන නැහැ.
රියදුරන් බය මාර්ගයේ දුෂ්කරතාවයට නොවෙයි, පොලිසියට ඉතින් ඉල්ලුවොත් මම බලාගන්නම් කියලා ඔහේ යන්න ඇති... මොනවා වුණත් අපරාදෙ ජීවිතේ...
රිය පැදවීමේදී තිබිය යුතු 100% අවධානය බිඳුනේ කාකි නිල ඇඳුම නිසාද?(නංගි)නිසාද