‘‘ෂාෆ්ටර්ගේ වෛද්‍ය වාර්තා පරස්පරයි‘‘ ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව ලෙසින් සඳහන් වන වෛද්‍ය වාර්තා පරස්පර වීරෝධී බවත් එහෙයින් ඒවා පිළිගත නොහැකි බවත් මරණකරුගේ පවුලේ ඥාතීන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නිතීඥ අනූජ ප්‍රේමරත්න මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේ අද (09) ප්‍රකාශ කළේය. 09 February 2023
තුර්කියේ විපතට පත් ජනතාවට සෙත්පතා... තුර්කියට හා සිරියාවට ඉකුත් සඳුදා (6) සිදුවූ ප්‍රබල භූ කම්පනයෙන් විපතට පත්වූ දහස් සංඛ්‍යාත ජනතාවට සෙත් පැතීමේ සහ මියගිය පිරිසට පින් පැමිණවීමේ පුණ්‍යකර්මයක් කොළඹ ගංගාරාම විහාරස්ථානයට අනුබද්ධ සීමා මාලකයේදී අද (9) සවස පැවැත්විණ. 09 February 2023
වඩිවේල් සුරේෂ් සජබෙන් යයි සමගි ජන බලවේගයෙන් ඉවත් වී පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බව නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා (සජබ) ලංකාදීපයට පැවැසීය. 09 February 2023
ටෙලිකොම් සේවකයෝ විරෝධයේ ආණ්ඩුව ක්‍රියාත්මක කර ඇති නව උපයනවිට බදු ක්‍රමයට සහ ටෙලාකොම් ආයතනය ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහිව ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සේවක සේවිකාවෝ කොළඹ කොටුව පිහිටි ටෙලිකොම් ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අද (9) පස්වරුවේ විරෝධතාවක නිරත වූහ. 09 February 2023
සජිත්, අනුර ප්‍රා:සභාවෙන් ජනපති වෙන්න හදනවා ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් ජනාධිපති වීම සඳහා සජිත් සහ අනුර මූද හත් ගව්වක් තියා අමුඩ ගසමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 09 February 2023
ජනපතිගෙ හින සැබෑ වෙද්දි ජනතාව කුස ගින්නේ ජනාධිපතිවරයා තම හීන සැබැ කර ගෙන රාජාසන කතාව කරන විට ගම්වල සිටින ජනතාව දුක්විඳින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 09 February 2023
බිරිඳගේ සිරුර කරේ තියන් යද්දී පොලිසිය පිහිටවෙලා ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ ගැමි තරුණයකු මියගිය බිරිඳ කරේ තබාගෙන අධිවේගී මාර්ගයක පයින් ගමන් කරමින් සිටිද්දී පොලිසිය ඔහුගේ පිහිටට පැමිණි පුවතක් ඉන්දියාවේ එන්.ඩී.ටීවී. වෙබ් අඩවිය පවසයි. 09 February 2023
බැංකු පොතෙන් සල්ලි ගනිද්දි 50 ක බද්දක් ඉතිරි කිරීමේ ගිණුමේ පාස් පොතෙන් රුපියල් ලක්ෂ 2 කට අඩු මුදලක් නැවත ගන්නා අවස්ථාවකදී වාණිජ බැංකු රුපියල් 15 සිට රුපියල් 50 දක්වා අමතර ගාස්තුවක් අය කරයි. 09 February 2023
දුම්රිය ස්ථානාධිපතිත් වර්ජනයට සැරසෙයි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා (වාණිජ) ලෙස නුසුදුසු නිලධාරියෙක් පත්කළේ යැයි එයට විරෝධය දක්වමින් ක්ෂණික වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹෙමින් සේවා වාරවලින් ඉවත්වන බව දුම්රිය ස්ථානාධිපති සංගමය ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට ලිපියක් යොමුකර තිබේ. 09 February 2023
මාතරිනුත් පුපුරණ ද්‍රව්‍ය තොගයක් යුද සමයේ භාවිතා කිරීමට ගෙන්වන ලද බව කියන අධි බලැති පුපුරණ ද්‍රව්‍ය ඇතුළු යුද උපකරණ තොගයක් තිහගොඩ කෝට්ටවත්ත ප්‍රදේශයේ විශ්‍රාමික යුධ හමුදා සැරයන්වරයකුගේ ගෙවත්තේ වළ දමා තිබියදී ගොඩ ගත් බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි. 09 February 2023
දුම්රිය වර්ජනයක් දුම්රිය රියදුරන්ගේ ගැටලු ඇතුළු දුම්රිය සේවකයන් ලෙස රියදුරන් මුහුණ දී සිටින ගැටලු විසදීමට බලධාරීන් කටයුතු නොකරීමට විරෝධය දක්වමින් අද (9) රාත්‍රී 9.00 සිට සේවාවාරවලින් ඉවත්වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කර ඇති බව ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් වෘත්තිය සමිතිය තීරණය කර තිබේ. 09 February 2023
සුව විරුවා පදිකයා හප්පා මාරුවෙන්න හදලා විශේෂඥ වෛද්‍යවරයකු පැදවූ මෝටර් රථයක ගැටී විශ්‍රාමික පොලිස් පරීක්ෂකවරයකු බරපතළ තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව මත්තේගොඩ පොලිසිය පවසයි. 09 February 2023
මැතිවරණ කොමිසම ගැන හොයන්න තේරීම් කාරක සභාවක් පත්කරන්න ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ කාර්ය භාරය පිළිබඳව සොයා බැලීම සඳහා වහාම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලා මන්ත්‍රීවරුන් 14 දෙනකුගේ අත්සනින් යුතුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ලිපියක් බාරදී ඇත. 09 February 2023
පණු පොහොරවලට වැඩි ඉල්ලුමක් මාකඳුරේ කෘෂිකර්ම පර්යේෂණායතනය විසින් නිෂ්පාදනය කරන පණු කොම්පොස්ට් පොහොර සඳහා ගොවි ජනතාවගෙන් ඉහළ ඉල්ලුමක් පවතින බව එම කෘෂිකර්ම පර්යේෂණායතනයේ කෘෂි විද්‍යාඥ ප්‍රියංගා දිසානායක මහත්මිය පැවසුවාය. 09 February 2023
සජබ තරුණ අරටුවක් එජාපයට සමගි ජන බලවේගයේ තරුණ ක්‍රියාකාරී සංවිධානය වන සමගි තරුණ බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සභික හේෂාන් සිල්වා මහතා එක්සත් ජාතික පක්ෂයට එකතු විය. 09 February 2023
කන්ටේනර් පනතට අධිකරණයේ මතය නැව් නියෝජිතයින් නැව් ගොඩ ගෙනියන්නත් යාත්‍රා කරුවන් නොවන පොදු ප්රවාහකයන් සහ කන්ටේනර මෙහෙයුම් කරුවන්ට බලපත්‍ර ලබා දීමේ සංශෝධන නැමැති පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය. 09 February 2023
කැනඩාවෙන් සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ඇමෙරිකා ඩොලර් මිලියන 150ක් හෙවත් රුපියල් කෝටි 6000ක පමණ මහා පරිමාණ ආයෝජනයක් සිදු කර මෙගාවොට් 100ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ස්ථාපිත කිරීමට කැනඩාවේ සමාගමක් ඉදිරිපත් වී තිබේ. 09 February 2023
ඩොලර් නැති කිරීමේ කුමන්ත්‍රණයක් ගැන කියයි විදේශ රැකියා මගින් ශ්‍රී ලංකාවට ඩොලර් ලැබීම නතර කිරීමේ දේශපාලන කුමන්ත්‍රණයක් සමාජ මාධ්‍ය ඔස්සේ ක්‍රියාත්මක බව බලපත්‍රලාභී විදේශ රැකියා නියුක්ති නියෝජිතායතන සංගමයේ ලේකම් මොහොමඩ් ෆරුක් මරික්කාර් මහතා චෝදනා කරයි. 09 February 2023
සතොස භාණ්ඩ 4 ක මිල තවත් අඩු කරයි අත්‍යවශ්‍ය භාණ්ඩ 4 ක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගත් බවත් නව මිල අද (9) සිට ක්‍රියාත්මක වන බවත් ලංකා සතොස පවසයි. 09 February 2023
ප්‍රතිපත්ති ප්‍රකාශය විවාදය ස.ජ.බ වර්ජනය කරයි නව වැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සභාවාරය විවෘත කරමින් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදය සමගි ජන බලවේගය පක්ෂය අද (9) වර්ජනය කළේය. 09 February 2023
‘ඡන්දය පැවැත්වීම ගැන හරියට කියන්න‘ මැතිවරණ කොමිසම,මහා භාණ්ඩාගාරය සහ රජය එක තැනකට රැස්වී මැතිවරණය වෙනුවෙන් මුදල් දිය හැක්කේ කවර කාලයකදී ද යන්න ගැන හොඳින් අධ්‍යයනය කොට අවසන් එකඟතාවයකට එන්නැයි ශ්‍රී ලංකා මැතිවරණ නිරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා මහතාට ලිපියක් යොමු කරමින් ඉල්ලා සිට ඇත. 09 February 2023
පාස්පෝට් කාර්යාලයට පොලිසිය කැඳවයි බත්තරමුල්ලේ පිහිටි ආගමනය හා විගමනය දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයට විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට මේ දිනවල දෛනිකව 5000 ක පමණ පිරිසක් පැමිණීම හේතුවෙන් එහි විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත් භාරගන්නා ස්ථානයට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක්ගෙන් සමන්විත පොලිස් කණ්ඩායමක් යොදවා තිබේ. 09 February 2023
ආර්ථිකය හදන වාර්තාවක් පාර්ලිමේන්තුවට ආර්ථික ස්ථායිකරණයට අදාළ කෙටි හා මධ්‍යකාලීන වැඩසටහන් හඳුනාගැනීම සඳහා වන ජාතික සභාවට අදාළ අනුකාරක සභාවේ දෙවන වාර්තාව අද (09) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිණ. 09 February 2023
සරසවි සිසු පා ගමනක් පුරහල දෙසට ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් කොළඹ විශ්ව විද්‍යාල සිසුහු පිරිසක් කොළඹ විශ්ව විද්‍යාල ඉදිරිපිටින් ආරම්භ වී කොළඹ පුරහල දෙසට ගමන් කරති. 09 February 2023
අනුන්ගෙන් යැපෙන අය රටට සේවය කරන්නේ කොහොමද? අනුන්ගෙන් යැපෙන ජනතා විමුක්ති පෙරමුණ රටට සේවය කරන්නේ කොහොමදැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිගාමඩුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ඩී වීරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී විමසීය. 09 February 2023
භූමි කම්පාවෙන් පසු තුර්කියේ පිහිටීම වෙනස් වෙලා ප්‍රබල භූමි කම්පාවලින් කැලැඹීමෙන් පසු, තුර්කියේ පිහිටීම මීටර් 5 කින් හෝ 6 කින් වෙනස් වී ඇතැයි ඉතාලි භූ විද්‍යාඥ මහාචාර්ය කාර්ලෝ ඩෙග්ලීනෝ පවසයි. 09 February 2023
පුංචි මල්ලි රැකගත් අක්කාගේ ආදරේ තුර්කිය සහ සිරියාව කැලැඹූ භූමි කම්පාවලින් විපතට පත් වී, බිමට සමතලා වුණු නිවාසවල සුන්බුන් අතරේ සිරවුණු දරු දැරියන් මුදා ගන්නා හද කම්පා කරවන දසුන් විදෙස් මාධ්‍ය ඔස්සේත් සමාජ මාධ්‍ය ඔස්සේත් ප්‍රසිද්ධියට පත් වෙමින් තිබේ. 09 February 2023
යලට ඇති තරම් ජලය 2023 යල කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය ජලය සැපයීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා මහවැලි අධිකාරිය එකඟත්වය පළ කළ බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. 09 February 2023
කන්දකැටියේ නිවෙසකින් වෙඩි බෙහෙත් සොයා ගනී කන්දකැටිය මාලියද්ද ගම්මානයේ නිවසක බලපත්‍ර නොමැතිව සගවා තිබු ජෙලිග්නයිට් කූරු51ක්, විවිධ ප්‍රමානයේ සේවා නූල් 20ක්, ඇමෝනියා කිලෝග්‍රෑම්ස් 15ක් පුද්ගලයකු සැකපිට 09 දින අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 09 February 2023
පනත් දෙකකට කතානායකගේ සහතිකය මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පතට සහ පුනුරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පතට අත්සන සහතික කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය. 09 February 2023
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026