(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ කාර්ය භාරය පිළිබඳව සොයා බැලීම සඳහා වහාම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලා මන්ත්‍රීවරුන් 14 දෙනකුගේ අත්සනින් යුතුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ලිපියක් බාරදී ඇත.
මැතිවරණ කොමිසමේ යම් කටයුතු හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩ වී ඇති බවත් එම කරුණ පාදක කර ගනිමින් තේරීම් කාරක සභාවක් පත් කරන ලෙසත් ඉල්ලා පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් කතානායකවරයා වෙත මෙම ලිපිය යොමු කර තිබේ.
2020 දෙසැම්බර් 3 වන දින සාමාජිකයින් පස් දෙනෙකුගෙන් සමන්විත මැතිවරණ කොමිෂන් සභාව පත් කිරීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1048 (3) වගන්තිය යටතේ මැතිවරණ කොමිසමට පාර්ලිමේන්තුවට සම්බන්ධයෙන් තිබෙන වගකීම පිළිබඳව පෙන්වා දෙමින් මෙම ලිපිය යොමු කර තිබේ.
ඒ අනුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාල ගැටලු පිළිබඳව පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට මැතිවරණ කොමිසම අපොහොසත් වී ඇතැයි ද එවැනි මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු පූර්ව කොන්දේසි පිළිබඳව සෑහීමකට පත්වීමට නොහැකි බව ද එම ලිපියේ සඳහන් කර ඇත.
මැතිවරණ කොමිසමේ ක්‍රියාපිළිවෙත නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩ වී ඇත්නම් ඒ පිළිබඳව සොයා බලා සුදුසු නිර්දේශ ඉදිරිපත් කරන ලෙස ද මන්ත්‍රිවරු ඉල්ලා සිටිති.
මන්ත්‍රීවරුන් අදාළ ලිපිය මගින් ඉල්ලා ඇති පරිදි ඔවුන්ගේ වරප්‍රසාද කඩවීමක් සිදුව ඇත්නම් ඒ සම්බන්ධයෙන් සොයා බල නිර්දේශ ඉදිරිපත් කිරිම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට ප්‍රතිපාදන ඇත.
එම ප්‍රතිපාදන මත මෙම කාරක සභාවේ සභාපතිවරයා සහ සාමාජිකයින් කථානායකවරයා විසින් පත් කරන අතර පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 101 හි විධිවිධාන අනුව කාරක සභාව සාමාජිකයින් හත් දෙනෙකුගෙන් සමන්විත වේ.
මෙම කාරක සභාවට සිය ගණපූරණය නියම කිරීමට, ඕනෑම පුද්ගලයකු තමන් ඉදිරියට කැඳවීමට, ඕනෑම පුද්ගලයකුට කිසියම් ලේඛනයක් හෝ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස දැනුම්දීමට, සාක්ෂි ලබා ගැනීමට, අදාළ ක්ෂේත්‍රවල විශේෂඥයන්ගේ සහ ප්‍රවීණයන්ගේ සේවය ලබා ගැනීමට සහ කලින් කලට අතුරු වාර්තා ඉදිරිපත් කිරීමට ද බලය ඇතැයි අදාළ ලිපියේ සඳහන් වේ.
තේරීම් කාරක සභාවේ පළමු රැස්වීමේ සිට මාසයක කාලයක දී හෝ පාර්ලිමේන්තුව විසින් ලබාදෙන දිනයක දී කමිටුව සිය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය 14 දෙනාගේ නම් දැනගන්න ඕනෙ ජනතාව. චන්දෙ කල්දාන්න තවත් උප්පරවැටිටියක්ද?
දැන් ඒ ගමන මැතිවරණ කොමිසමෙ මකුලු දැල් කඩන්න හදනවද? කවුද මෙ 14 දෙනා කියල දැන ගන්න අයිතියක් ජනතාවට තියෙනවා..කරුනාකර නම් සදහන් කරන්න...
පොහොට්ටුවෙ අයට පලාත් සභා මැතිවරණය වහකදුරු වගෙද?
මේ කාලකණ්ණි ආණ්ඩුවට මොනදේ කරලා හරි ඡන්දෙ කල්දාගන්නයි ඕනෑ...