
රුසියාවේ, ශාන්ත පීටර්ස්බර්ග් නුවර, ජර්මන් කොන්සල් කාර්යාලය වසා දැමීමට රුසියානු රජය තීරණය කර ඇත. ඒ අනුව, එම කොන්සල් කාර්යාලයේ සිටින ජර්මන් රාජ්‍ය තාන්ත්‍රිකයන්ට ලබන සැප්තැම්බර් 18 ට පෙර වහාම රටින් පිටවෙන්නැයි ද රුසියන් රජය නියෝග කර ඇතැයි විදෙස් මාධ්‍ය පැවැසීය.
රුසියාව සහ ජර්මනිය අතර හටගත් රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය දිනෙන් දින උත්සන්න වෙමින් පවතී. ඒ, තමන්ට පහරදීමට රුසියාව උත්සහ කරනවා යැයි ජර්මනිය චෝදනා කිරීමත් සමගය.
එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරමින්, ජර්මනිය සමග පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සීමා කිරීමට රුසියානු රජය තීරණය කර ඇත. ශාන්ත පීටර්ස්බර්ග් නුවර පිහිටි ජර්මන් කොන්සල් කාර්යාලය ඉවත් කිරීමට රුසියන් රජය තීරණය කළේ ඒ අනුවය.
රුසියාව සහ ජර්මනිය අතර අර්බුදයක් නිර්මාණය වූයේ ඉකුත් අගෝස්තු 4 වැනිදා, ජර්මනියේ ලෙයිප්සිග් ගුවන්තොටුපොළ සහ ඒ අවටින් ගුවන්තොටුපොළ ආසන්නයෙන් රුසියාවට අයත් ප්‍රහාරක ඩ්‍රෝන යානා හමුවීමේ සිද්ධියයි. ජර්මනිය, යුක්රේනයට ආධාර යැවීම සිදු කරන්නේ මෙම ලෙයිප්සිග් ගුවන්තොටුපොළ හරහාය.
රුසියාව, ලෙයිප්සිග් ගුවන්තොටුපොළට පහර දීමට උත්සාහ ගත්තේ යැයි ජර්මනිය චෝදනා නගයි. රුසියාව මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි. ජර්මනිය ද රුසියාව සමග පවත්වන රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සීමා කිරීමට තීරණය කර ඇත. ජර්මනිය එසේ කළේ පසුගිය සතියේය. එය රුසියාවේ දැඩි විරෝධයට හේතු විය. රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝෆ් පැවැසුවේ, ජර්මනිය රුසියාව සමග ගැටුමක් ඇති කර ගැනීමට උත්සාහ ගන්නා බවය.
එසේ රුසියන් රාජ්‍ය තාන්ත්‍රික කටයුතු නැවැත්වීමට ජර්මනිය තීරණය කිරීමත් සමග ඊට එකට එක කිරීමක් ලෙස රුසියාව, එරට ශාන්ත පීටර්ස්බර්ග් නුවර ජර්මන් කොන්සල් කාර්යාලය ඉවත් කර ගන්නැයි නියෝග කළේ යැයි විදෙස් මාධ්‍ය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd