
(ආරියරත්න රණබාහු)
තුර්කියට හා සිරියාවට ඉකුත් සඳුදා (6) සිදුවූ ප්‍රබල භූ කම්පනයෙන් විපතට පත්වූ දහස් සංඛ්‍යාත ජනතාවට සෙත් පැතීමේ සහ මියගිය පිරිසට පින් පැමිණවීමේ පුණ්‍යකර්මයක් කොළඹ ගංගාරාම විහාරස්ථානයට අනුබද්ධ සීමා මාලකයේදී අද (9) සවස පැවැත්විණ.
ශ්‍රී ලංකා තුර්කි තානාපතිනි ආර්. ඩිමෙට් ස්කේසියෝග්ලු මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සැමරුම් උත්වයේදී බෞද්ධ සම්ප්‍රදායානුකූලව පැන් වැඩීම සිදුකෙරිණ.
නානාපතිනිය සමග ඇයගේ ස්වාමිපුරුෂයා, තානාපති කාර්යාලයේ නියෝජිතයකු සහ විජය පුවත්පත් සමාගමේ නියෝජ්‍ය සභාපති සුජාන් විජයවර්ධන මහතාද පැන් වැඩීමේ චාරිත්‍රය ඉටුකළ අයුරු සහ මහා සංඝරත්නය සෙත්පිරිත් සජ්ක්‍ඨායන කළ අයුරු. කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජී හිමියන්ගෙන් අනුශාසනා පරිදි මෙම පින්කම සංවිධානය කර තිබිණ.
(ඡායාරූප ගයාන් අමරෙස්කර)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ, මේ ලෝකෙට පේන්න මූණිච්චාවට කරන මේ විගඩම්වලින් තුර්කි ජනතාවට ඇතිවෙන අමුතු සෙතක් නැහැ. ඔස්ට්‍රේලියාව, ඇමරිකාව ඇතුළු යුරෝපා රටවල් වලින් ඔවුන්ට අවශ්‍ය ආධාර හා සහයෝගයන් නොඅඩුව ලැබෙමින් පවතිනවා. කොහොමත්, මාස කිහිපයක් ඇතුළත ඒ තුර්කියේ නායකයින් ඒ රට යථා තත්වයට පත්කර ගනියි. ලංකාවේ වගේ සුනාමි ආධාරත් ගසාකන ජාතියේ පාලකයින් ඒ රටවල නැහැ. අනික ඉතින් තමන්ගේ රටටවෙලා තියන මේ ව්‍යවසනයට සෙත්පතා ගත්තා නම් හොඳයිනේ... අනුන්ගේ රටවලට සෙත් පතන්න කලින්...
භූමිකම්පාවට ඉස්සෙල්ලානේ සෙත්පතන්න තිබ්බේ. එහෙම නම් භූමිකම්පාව වෙන්නේ නැතිවෙයි... එය සිදුවුණත් මිනිස්සු නොමැරී තියෙයි. මිනිස්සු මැරුණාට පස්සේ සෙත් පැතීම නිකං අශ්වයා ගියාට පස්සේ ඉස්තාලේ වහනවා වගේනේ...
මේ භවයේදී මෙන්ම මතු භවයන්වලදී මෙවන් දුක්ඛදායි විපත් කිසිවෙකුට සිදු නොවේවා.
ඔව් ඇත්තෙන්ම අපිත් යාඥා කරන්නෙමු. තත්ත්පර කිහිපයකින්, එම රටේ, විශේෂයෙන්ම තුර්කිය සහ සිරියාවේ මිනිසුන්ගේ අනතුර, දුක් වේදනා සහ ඛේදවාචකය අපගේ ඇස් කම්පනයට පත්කරයි. අපිටත් ඒ තත්ත්වයම වුණොත් මොකද වෙන්නේ කියලා අපි කල්පනා කරනවා. සාමාන්‍ය ජීවිතයේදී විවිධ තත්ත්‍වයෙන් සිටි මිනිසුන්ට තත්පර කිහිපයකින් 20,000කට අධික පිරිසකගේ මරණය සිදු නොවේවායි අපි ප්‍රාර්ථනා කරමු. යා අල්ලාහ්, ඔබගේ සියුම් හා පරිපූර්ණ සැලැස්මට හසු වූ සියලුම දරුවන්, දරුවන්, කාන්තාවන්, මව්වරුන්, මහලු අය, තරුණ, තරුණියන්, පිරිමින් සහ ගැහැණුන් පිළිගෙන ඔවුන්ව ශුහදාස් ලෙස පිළිගෙන ඔබේ ස්වර්ගය ගෘහය ලබාදෙන්න. ඔවුන්ගේ පව්වලට සමාව දෙන්න, ඔවුන්ගේ වැරැදි සඟවන්න,... ඔවුන්ගේ යහපත් ක්‍රියාවන් හඳුනාගෙන ඔවුන්ට සදාකාලික සතුට ලබා දෙන්න. තුවාල ලැබූවන් සහ දිවි ගලවා ගත් අය ඔවුන්ගේ අනතුරෙන් ගලවා ඔවුන්ට ඉක්මන් සුවය සහ හොඳ සෞඛ්‍යය ලබාදෙන්න. විපතට පත් සේවක සේවිකාවන්ගේ ඥාති හිතමිත්‍රාදීන්ට දෙවියන් වහන්සේ ඉවසීම සහ ඉවසීම ලබාදී ඔවුන් මෙම අර්බුදයෙන් මුදා ගනිත්වා. යා අල්ලාහ්, මෙතරම් විශාල පාඩුවක් සහ අර්බුදයක් අප වැනි කුඩා මිනිසුන්ට දරාගත නොහැක...
විපතට පත් සියලු දෙනාට සුවය ලැබේවා. මෙවන් විපත් කිසිම කෙනෙකුට සිදු නොවේවා...!
වෙන්න ඉස්සර යාතිකා කෙරුවා නම් එකක්. දැන් ඔය සෝබන වැඩකරනවාට වඩා කොන්ක්‍රීට් කඩන්න මිටි ටිකක්, සීතලට පොරෝනා ටිකක් ඒ අසරණ මිනිසුන්ට යැව්වා නම් නරකද?