
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
යුද සමයේ භාවිතා කිරීමට ගෙන්වන ලද බව කියන අධි බලැති පුපුරණ ද්‍රව්‍ය ඇතුළු යුද උපකරණ තොගයක් තිහගොඩ කෝට්ටවත්ත ප්‍රදේශයේ විශ්‍රාමික යුධ හමුදා සැරයන්වරයකුගේ ගෙවත්තේ වළ දමා තිබියදී ගොඩ ගත් බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.
ඒ අනුව 48 හැවිරිදි විශ්‍රාමික යුද හමුදා සැරයන්වරයා ද පොලීසිය සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගනු ලැබීය.
ඔහුගේ දෙමහල් නිවස පිහිටි ගෙවත්තේ වළවල් දෙකක අඩි 5 ක් පමණ ගැඹුරට කපා එම යුද උපකරණ හා පුපුරණ ද්‍රව්‍ය වළ දමා තිබු බව පොලීසිය සදහන් කරයි.
සී ෆෝ වර්ගයේ අධි බලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 03 යි ග්‍රෑම් 350 ක්,ග්‍රෑම් 610 ක් බර පුපුරණ ද්‍රව්‍ය බාර් 01 ක්,ග්‍රෑම් 205 බැගින් බර පුපුරණ ද්‍රව්‍ය බාර් 02 ක්,ග්‍රෑම් 105 බර පුපරණ ද්‍රව්‍ය බාර් 01 ක් ,මිලි මීටර් 9 වර්ගයේ උණ්ඩ 288 ක්,ටී 56 වර්ගයේ ජීව උණ්ඩ 181 ක් ,මිලි මීටර් 3.8 වර්ගයේ උණ්ඩ 05 ක්,බෝර 12 වර්ගයේ උණ්ඩ 08 ක්,ඉලෙක්ට්‍රොනික් ඩෙටනේටර් 10 ක්, ඉලෙක්ට්‍රොනික් නොවන ඩෙටනේටර් 153 ක්,දුම් බෝම්බයක්, අධි බලැති පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධ කිරීමට යොදා ගන්නා වයර් අඩි 32 ක් ඇතුළු යුධ උපකරණ තොගයක් එහිදී සොයා ගත් බව උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.
ඊට අමතරව සැකකරුගේ නිවසේ තිබී මදන මෝදක ගුලි 153 ක් අඩංගු පැකට් දෙකක් ද සොයා ගෙන ඇත.
2016 වසරේ දී සැකකාර යුද හමුදා සාමාජිකයා විශ්‍රාම ගොස් තිබෙන අතර ඔහු එල්.ටී.ටී.ඊ.යුද සමයේ දී මුලතිව් ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක වසර 05 ක් අවි ආයුද ගබඩාව භාරව රාජකාරි කර තිබෙන බව ප්‍රශ්න කිරිමේ දී හෙලි වී තිබේ.
එම වකවානුවේ දී ඒවා රැගෙනවිත් වල දමන්නට ඇති බවට පොලීසිය සැක කරයි.
කෙසේ වෙතත් සොයා ගන්නා ලද පුපුරණ ද්‍රව්‍ය තොගය විශාල හානියක් සිදු කිරීමට තරම් ප්‍රමාණවත්ව තිබු බව පොලීසිය සදහන් කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොටි නැගිටිනව නෙමේනෙ? එහෙනම් කමක් නෑ
මේවා නිකං සෙල්ලමට තියාගෙන ඉන්නේ නැහැ. එක්කෝ ශේප් එකේ පාතාලයට විකුණනවා. එහෙම නැතිනම් වෙනත් ලොකු දේකට යොදවන්න තමයි තියන් ඉන්නේ... නැතිව තිහගොඩ පැත්තේ කොටි සාමාජිකයින් නැහැනේ මර්ධනය කරන්න. ඊටත් වඩා මෙයා විශ්‍රාමිකයිනේ. අනේ මන්දා මෙන්න සමහර රණවිරුවන්ගේ හැටි...!
මේවා ජනතාවගේ සල්ලි නෙවෙයිද .යුද්ධෙට මුවා වෙලා මේ කරපුවාට දැඩිව දඬුවම් දෙන්න ඕන මිනිස්සුන්ගේ බදු මුදල් වලින් සහ ලෝකයට ණය වෙලා ගෙනාපු ආයුධ මේ වගේ කී දෙනෙක් අරන් ගිහින් ඇතිද කියලා සෙවිය යුතුයි