(රංජන් කස්තුරි)
ඇමෙරිකා ඩොලර් මිලියන 150ක් හෙවත් රුපියල් කෝටි 6000ක පමණ මහා පරිමාණ ආයෝජනයක් සිදු කර මෙගාවොට් 100ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ස්ථාපිත කිරීමට කැනඩාවේ සමාගමක් ඉදිරිපත් වී තිබේ.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට අයත් නිලාවේලිය පිහිටි ඉඩමක එම මහා පරිමාණ සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ඉදිකෙරෙන අතර ඉකුත් දා ඊට අදාල බලශක්ති බලපත්‍ර අනුමත නිෂ්කාෂණ ලිපිය ප්‍රදානය කළේය.
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා පරිශ්‍රයේදී පැවැති උත්සවයකදී අදාල ලිපිය ප්‍රදානය කරළ අතර එම අවස්ථාවට ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහ කැනඩාවේ සමාගමේ ප්‍රාදේශිය අධ්‍යක්ෂ මොහොමඩ් හුසේන් මහතා ද එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ආයෝජනත් නැති කාලේ බන්දුලයා නම් ගොඩ යාවි.ඩොලර් මිලියන 150 න් 10% කියන්නේ ඩොලර් මිලියනම 15 ක්