IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


සුව විරුවා පදිකයා හප්පා මාරුවෙන්න හදලා

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

විශේෂඥ වෛද්‍යවරයකු පැදවූ මෝටර් රථයක ගැටී විශ්‍රාමික පොලිස් පරීක්ෂකවරයකු බරපතළ තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව මත්තේගොඩ පොලිසිය පවසයි.

තුවාල ලැබූ මත්තේගොඩ ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික පොලිස් පරීක්ෂකවරයාගේ හිසට දෙපාවලට තුවාල සිදුව ඇති අතර හිස ශල්‍යකර්මයකට යොමු කර ඇති බව පැවසේ.

මෙම පොලිස් පරීක්ෂකවරයා කොට්ටාව දෙස සිට පොල්ගස්ඕවිට දෙසට පා ගමනින් නිවසට එමින් සිටියදී පොල්ගස්ඕවිට දෙස සිට කොට්ටාව දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් රථය මාර්ගයේ විරුද්ධ මං තීරුවට විශ්‍රාමික පොලිස් පරීක්ෂකවරයාගේ සිරුරේ ගැටී මෙම අනතුර සිදුව තිබේ.

අනතුරෙන් පසුව මෝටර් රථය නොනවත්වා පලාගොස් ඇති අතර ඒ බව දුටු පුද්ගලයකු ක්ෂණයකින් ක්‍රියාත්මක වී මෝටර් රථයේ අංකය හා හැඩරුව 119 හදිසි ඇමතුම් අංකයට දැනුම් දී තිබුණි

ඒ අනුව ක්‍රියාත්මක වූ මත්තෙගොඩ පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් කිලෝමීටර් 4 ක් පමණ මෝටර් රථය පසුපස හඹාගොස් කොට්ටාව නගරයේ දී මෝටර් රථය සහ එය පැදවූ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ වනවිට රියදුරු අධික ලෙස බීමතින් සිටියේ දැයි සොයයි

පසුව රියදුරු අත්අඩංගුවට ගෙන විමර්ශනය කිරීමේදී ඔහු කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවයේ නිරත විශේෂඥ වෛද්‍යවරයකු බවට තොරතුරු අනාවරණය වූ බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 



අදහස් (8)

සුව විරුවා පදිකයා හප්පා මාරුවෙන්න හදලා

sharm warn Thursday, 09 February 2023 03:40 PM

අනේමෙව්ව මහ ලොකු වැදගත් ප්‍රවුර්ති ද?

:       0       0

abc Thursday, 09 February 2023 04:14 PM

අපේ රටේ විරුවා කියන වචනයත් අවභාවිතා වෙනවා

:       2       42

BamunuarachchiFriday, 10 February 2023 07:14 AM

ඒ හැමතිස්සෙම විරෝගෙන ඉන්න නිසා.

:       1       0

ලුම්බිණි Thursday, 09 February 2023 04:55 PM

අපි හැර අනික් ඔක්කොම අද විරුවෝ...!

:       0       0

karolis Thursday, 09 February 2023 05:18 PM

ලංකාවේ උගත් නූගත් බේදයක් නැතුව බොහෝ සත්තු ඇත. ඔවුන් පාලනයට ගැලපෙන සත්ව පාලකයින්ද එම සතුන් විසින්ම පත් කරගෙන ඇති බැවින් සියල්ල සත්වාකාරයෙන්ම තව බොහෝ කලක් නොවෙනස්ව පවතිනු ඇත...

:       0       0

පිටිගල මිලානෝ Thursday, 09 February 2023 06:07 PM

මේ රටේ ඉන්නේ හැමඑකාම මොකෙක් හරි විරුවෙක්. නිකං එකෙක් බෙහෙතකට හොයාගන්න නැහැ. මදැයි එකවිරුවෙක් ඇවිල්ලා කරපු හදිය... විරුවා දිව්වේ අඹුඩෙත් දාලා…

:       0       0

Sunil Thursday, 09 February 2023 06:27 PM

ඇයි මතක නැද්ද රට රකින අපේ විරුවා..?

:       0       0

පරණගම Friday, 10 February 2023 06:46 AM

පුද්ගලික සේවයේ යෙදීමට යම්කිසි පමාවක් වෙලා තියෙන්න ඇති. ඒක තමයි එහෙම යන්න ඇත්තේ .ඔය වගේම පිරිසක් රත්නපුර ප්‍රදේශයේ ඉන්නවා .ඔවුන් ජනවාරි මස පළමුවෙනිදා උදේ පාන්දර සමන් දේවාලයට යන්නෙන් ඔහොම තමයි. ඔවුන් තවත් අවස්ථාවක එනම් ගෙදරක මැණික් වෙන්දේසියක් ආරංචි වුනත් යන්නෙන් ඔහොම තමයි. අනතුරු වුනේ පොලිස් නිළධාරි කෙනෙකුට නිසා මිස නැත්නම් වර්ජනයක් කරල වැරදිකරු බේරා ගනීවි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 569 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 724 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 302 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site