(නිමල් ජයරත්න)

පොළොන්නරුව දිඹුලාගල සොරුවිල ගම්මානයේ ගල්වැව සම්පූර්ණයෙන්ම හිඳීයාම හේතුවෙන් එම ගම්මානයේ පවුල් 600 කට සහ කිරි ගවයින්,  ගොවින්, ධීවරයින් විශාල පිරිසක් දැඩි පීඩාවට පත්ව ඇත.

එම වැවේ ජලය ප්‍රයෝජනයට ගනිමින් ගඩොල් කර්මාන්තයද සිදුකරගෙන ගිය අතර කර්මාන්තය පස් සකසා ගැනීම සඳහා ජලය නොමැතිකමෙන් පවුල් සියයකට ආසන්න පිරිසකගේ ජීවන වෘත්තියට බාධා එල්ල වී තිබේ.

වියලි කාලගුණික තත්වය හේතුවෙන් සොරුවිල ගම්මානයේ පීදුන පොල්ගස් අස්වනු නෙලමින් තිබූ පොල් ගස් දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව එම ගම්මානයේ ගොවි සංවිධානයේ ක්‍රියාකාරී සාමාජික යු.එම්. සිරිපාල මහතා සඳහන් කළේය.

තමන් ඉතා වෙහෙස මහන්සිව සිටවාගෙන, වන අලින්ගෙන් සහ සතා සිවුපාවගෙන් රැකගත් පොල්, කෙසෙල්,කොස්, අඹ, ඇතුළු අනෙකින් බෝග වගාවන් සියල්ල පාහේ,වියලි කාලගුණික තත්වය හමුවේ විනාශ වී ඇති බවද සොරිවිල ගම්වාසීන් ප්‍රකාශ කරති.