IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


භූමි කම්පාවෙන් පසු තුර්කියේ පිහිටීම වෙනස් වෙලා

ප්‍රබල භූමි කම්පාවලින් කැලැඹීමෙන් පසු, තුර්කියේ පිහිටීම මීටර් 5 කින් හෝ 6 කින් වෙනස් වී ඇතැයි ඉතාලි භූ විද්‍යාඥ මහාචාර්ය කාර්ලෝ ඩෙග්ලීනෝ පවසයි.

පසුගියදා හටගත් ප්‍රබල භූමි කම්පාවලින් තුර්කිය සහ සිරියාව කැලැඹී ගියේ 15,000 කට වැඩි පිරිසක් බිලි ගනිමිනි.

තුර්කිය සහ සිරියාව අසල්වැසි රටවල් වන අතර ඒවා පිහිටා ඇත්තේ භූ තැටි දෙකකට ඉහළිනි. භූමි කම්පාවක් යනු භූ තැටි දෙකක් එකිමත එක ගැටීමය.

“භූමි කම්පාවල ප්‍රබලත්වය හේතුවෙන් මෙම භූ තැටි වෙනස් වුණා. සිරියාවට වඩා වැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ තුර්කියටයි. තුර්කිය මේ වනවිට බටහිර දෙසට තල්ලු වීමක් වෙලා තියෙනවා” යැයි මහාචාර්ය කාර්ලෝ ඩෙග්ලීනෝ පැහැදිලි කරයි.

(රොයිටර්/එන්.ඩී.ටීවී.)



අදහස් (0)

භූමි කම්පාවෙන් පසු තුර්කියේ පිහිටීම වෙනස් වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 572 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 724 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 302 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site