(යොහාන් භාසුර)

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා (වාණිජ) ලෙස නුසුදුසු නිලධාරියෙක් පත්කළේ යැයි එයට විරෝධය දක්වමින් ක්‍ෂණික වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹෙමින් සේවා වාරවලින් ඉවත්වන බව දුම්රිය ස්ථානාධිපති සංගමය ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට ලිපියක් යොමුකර තිබේ.

චෝදනා එල්ල වී ඇතැයි කියන අදාල නිලධාරියාට නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා පත්කළ හොත් එම මොහොතේ සිට වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කරන බව ද දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා පැවසීය.