
ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ ගැමි තරුණයකු මියගිය බිරිඳ කරේ තබාගෙන අධිවේගී මාර්ගයක පයින් ගමන් කරමින් සිටිද්දී පොලිසිය ඔහුගේ පිහිටට පැමිණි පුවතක් ඉන්දියාවේ එන්.ඩී.ටීවී. වෙබ් අඩවිය පවසයි.
එඩේ සමුලු නමැති එම ගැමි තරුණයා ඔඩිස්සා ප්‍රාන්තයේ කොරාපුත් නමැති දිළිඳු ගම්මානයේ වැසියෙකි.
අසනීප තත්ත්වයකින් පසුවුණු බිරිඳ කිලෝ මීටර් 130 ක් දුරින් විශාඛාපට්නම් නගරයේ රෝහලකට ප්‍රතිකාර සඳහා යැවුණි.
වෛද්‍යවරු තීරණය කර ඇත්තේ රෝගී තත්ත්වය උත්සන්නවී ඇති බැවින් බිරිඳ බේරා ගැනීමට නොහැකි බවය.
පසුව බිරිඳ රෝහලේ දී මියගොස් ඇති මළ සිරුරු ගම්මානයට ගෙන යෑම ගැටලුවක් විය.
මුදල් නොමැති බැවින් කුලී රථයක් සොයා ගැනීමට ද එඩේ සමුලු හැකියාව ලැබී නැත.
ගම්මානයට යෑමට කුලී රථ රියදුරන් ඉන්දීය රුපියල් 2,000 ක මුදලක් ඉල්ලා ඇතැයි ද පැවැසෙයි.
අවසානයේ බිරිඳගේ සිරුර කරේ තියන් පයින් ගම්මානයට යෑමට තරුණයා තීරණය කර ඇත.
පොලිස් නිලධාරීන් පැමිණ වෑන් රථයක් ලබා දී සිරුර ගම්මානයට ගෙන යෑමට පිහිට වී ඇත්තේ එවිටය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අභ්‍යාවකාශයට රොකට් යැව්වත් ඉන්දියාවේ තත්වය මේකයි.
එහෙව් ඉන්දියාවෙන් තමයි.. පිනා හිඟමන් ඉල්ලන්නේ...!
ආදරයයි, කරුණාවයි !!! සිදුහත් රජතුමා දුටු කිසා ගෝතමී කිව්වා නිබ්බුත පද මතක් වුණා.. නිබ්බුතා නූන සා නාරී... අභ්‍යාවකාශයට යන්න හැකියාව තියෙන රටේ පළාත් සභා නිසා සිදුවන අසාධාරණ සිද්ධියක් කියලා කියන්න පුළුවන්... ඇත්තටම පොලිසියවත් ඉදිරිපත් නොවුණානම් මොනවා වෙයිද?
ඉන්දියන් ආණ්ඩුව රටට පරකාසේ ගෙදරට මරගාතේ. ඉන්දියාවේ මිනිස්සු මිනී කරේ තියාගෙන යනවා, ලෙඩ්ඩු කරේ තියාගෙන යනවා ඒවාට පිහිට වෙන්නේ නැතුව ලංකාවට ගිලන්රථ පූජා කරනවා. ඉන්දියාවේ තත්වය දැනගෙන ඒවා භාරගන්න ලංකාවේ ගොයියෝ ඊට වඩා පෙරේතයෝ.