(අංජුල මහික වීරරත්න)

සමගි ජන බලවේගයෙන්  ඉවත් වී පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බව නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා (සජබ) ලංකාදීපයට පැවැසීය.

එමෙන්ම සමගි ජන බලවේගය පක්ෂයේ තමන් දරණ සියලුම තනතුරු වලින්  ඉල්ලා අස්වන බව ද මන්ත්‍රීවරයා කීය.
පාර්ලිමේන්තුවේ දී හෙට (10) ප්‍රකාශයක් කොට ස්වාධීන මන්ත්‍රී වරයෙක් වශයෙන් කටයුතු කරන බවද වඩිවෙල් සුරේෂ් මහතා සඳහන් කළේය.