(රංජන් කස්තුරි)

විදේශ රැකියා මගින් ශ්‍රී ලංකාවට ඩොලර් ලැබීම නතර කිරීමේ දේශපාලන කුමන්ත්‍රණයක් සමාජ මාධ්‍ය ඔස්සේ ක්‍රියාත්මක බව බලපත්‍රලාභී විදේශ රැකියා නියුක්ති නියෝජිතායතන සංගමයේ ලේකම් මොහොමඩ් ෆරුක් මරික්කාර් මහතා චෝදනා කරයි.

ශ්‍රී ලංකාවට ලැබෙන විදේශ රැකියා සඳහා මෙරට තරුණයන් විදේශ සේවා නියුක්ති කාර්‍යංශය හරහා නීත්‍යානූකූලව යොමුවීම කඩාකප්පල් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ වැරදි තොරතුරු ලබාදී ඔවුනට ඒ සඳහා යොමුවීමේ අවස්ථ මඟ හැරීම පිළිබඳව තම සංගමය බලධාරීන්ට පැමිණිලි කළ බව ද ෆාරුක් මහතා කීය. 

තුර්කි රාජ්‍යයන් මෙරට තරුණයන් සඳහා ලැබුණු රැකියා අවස්ථා 2650ක අහිමි කිරීමට ඉකුත් ජනවාරි මස 25 වැනි දින කොළඹ ජයවර්ධන කේන්ද්‍රයේදී වූ සිදුවීම ඊට හොඳම උදාහනය බන ද ලේකම්වරයා පැවැසීය.