(යොහාන් භාසුර)
දුම්රිය රියදුරන්ගේ ගැටලු ඇතුළු දුම්රිය සේවකයන් ලෙස රියදුරන් මුහුණ දී සිටින ගැටලු විසදීමට බලධාරීන් කටයුතු නොකරීමට විරෝධය දක්වමින් අද (9) රාත්‍රී 9.00 සිට සේවාවාරවලින් ඉවත්වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කර ඇති බව ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් වෘත්තිය සමිතිය තීරණය කර තිබේ.
දුම්රිය රියදුරු දෙවැනි පෙළ උසස්වීම් ප්‍රශ්නය, ශ්‍රේණිවලට අදාල ගැටලු අතිකාල කප්පාදු කිරීම, දුම්රිය ආදායම නිසිලෙස කළමනාකරණය නොකාරීම ආදි ගැටලු රැසකට විරෝධය දක්වමින් එම වෘත්තිය ක්‍රියාමාර්ගයට එළඹෙන බව එම සංගමයේ ලේකම් ඒ. ටී. ජයසිංහ මහතා දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට දැනුම්දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඔක්කොම පට්ටපල් බොරු