අත්හිටවූ නිවාස ණය ,අධාර සතියකින් කොව්ඩ් වසංගතය හා ආර්ථික අර්බුදය හේතුවෙන් තාවකාලිකව අත්හිටවූ නිවාස ණය හා ආධාර ලබා දීම යළි ඇරැඹූ බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි. 12 February 2023
ගල්අඟුරු නෞකා දෙකට මුදල් නෑ නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු විදුලි බලාගාරයට ආනයනය කළ ගල්අඟුරු නෞකා දෙකකට මුදල් ගෙවීමට නොහැකි වීමෙන් ගල්අඟුරු තොගය ගොඩබෑමෙන් තොරව දින කීපයකට සිට පුත්තලම මුහුදු තීරයේ නවතා ඇති බව ලංකා ගල්අඟුරු සමාගමේ නිලධාරියෙක් පැවසීය. 12 February 2023
ගැබිණි මවට ඉදිකටුපාන තිඹිරිගෙයක් වේ ශ්‍රීපාද වන්දනාවේ පැමිණි රත්නපුර කාන්තාවක ඉදිකටුපාන ප්‍රදේශයේදී බිළිඳියකු ප්‍රශූත කර ඇති බව නල්ලතන්නිය පොලීිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ශාන්ත වීරසේකර මහතා පැවසීය. 12 February 2023
අද වැසි රහිත කාලගුණයක් රත්නපුර, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක අද (12) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 12 February 2023
පෙදරේරුවාගේ මෙහෙයුම අතේ පත්තු වේ කොල්ල කන ලද ත්‍රිරෝද රථයකින් ගොස් බණ්ඩාරගම ගැලනිගම බටකැටියේ නිවසක් කොල්ලකෑ හය දෙනාගේ කල්ලියේ පස්දෙනකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය සඳහන් කරයි. 12 February 2023
බවුසර රියැදුරා අසුන මතම මරුට මීරිගම පස්යාල මාර්ගයේ ගමන්ගත් ඉන්ධන බවුසරයක රියදුරා හදිසියේ රෝගාතුරු වී මිය යාම නිසා ඔහුගේ පාලනයෙන් ගිලිහුණු බවුසරය අධිබලැති විදුලි රැහැනක ගැටී පොල් ගස් දෙකක් පෙරලාගෙන ගෙස් නතර වීම නිසා රිය සහායකයා තුවාල ලබා වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කළ බව නිට්ටඹුව මූලස්ථාන පොලීසිය පවසයි. 12 February 2023
රජයේ වාහනවලට සීමාවක් සියලු රාජ්‍ය ආයතනවල සංචිත වාහන භාවිතා කිරීම අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් සීමා කරන ලෙසට භාණ්ඩාගාර ලේකම් සිරිවර්ධන මහතා සියලු ප්‍රධානීන්ට දැනුම් දී ඇත. 12 February 2023
ආගමික නායකයන්ට නිකන් දුන් ඉන්ධන අත්හිටුවයි පසුගිය රජය කාලයේ ආගමික නායකයන් 140 දෙනකුට ලබා දුන් වාහන වලට ඉන්ධන ලබා දීම පසුගිය සතියේ සිට අත්හිටුවා ඇත. 12 February 2023
සරසවි අනධ්‍යයන සේවකයන් ගැන නවතම හෙලිදරව්ව සියළු විශ්ව විද්‍යාලවල අනධ්‍යන කාර්ය මණ්ඩලවල 230 සප්ත වාර්ෂික නිවාඩු ලබා සේවයෙන් බැහැර වී සිටින බව විගණන පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත. 12 February 2023
සරසවි සිසුවා මුහුදේ ගසාන යයි මට්ටක්කුලිය සාගර විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවකු විනෝද චාරිකාවක් සඳහා පැමිණ හලාවත තානායම අසල මුහුදේ නාමින් සිටියදී රළ පහරකට හසුවී ගසාගෙන ගොස් අතුරුදහන්ව ඇතැයි හලාවත මුලස්ථාන පොලිසිය පවසයි. 11 February 2023
උතුරේ නැවත පදිංචි පවුල් 197කට ඉඩම් ඔප්පු උතුරේ නැවත පදිංචි කෙරෙන පවුල් 197ක් සඳහා ඉඩම් ඔප්පු ප්රදානය සහ රුපියල් 38,000 බැගින් වූ චෙක්පත් ප්රදානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද (11) සිදු කෙරිණි. 11 February 2023
කෝටි හයේ සිහිනය බොඳ වේ මිළ අධික වාලම්පුරියක් රුපියල් කෝටි 6 ක ට අලෙවි කිරීමට තැත් කළ පුද්ගලයකු ගිනිගත්හේන දේශයේ දී විශේෂ කාර්ය බළකාය මඟින් මගින් අත්අඩංගුවට ගෙන ඇත. 11 February 2023
‘‘කන්න ඉල්ලා ඇවිටිලි කරනවා‘‘ ආහාර අහේනිය නිසා පීඩාවට පත් ජනතාව ආහාර කිරිපිටි ඉල්ලා බොහෝ මන්ත්‍රීවරුන්ට දුරකතන පණිවිඩ ලබාදෙමින් ඇවිටිලි කිරීම සහ දුක් අඳෝනා ඉදිරිපත් කිරීම විශාල වශයෙන් වැඩිවී ඇතැයි වාර්තා වේ. 11 February 2023
වෑන් රියෙන් ආ මාරයා පියා සහ දියණිය ඩැහැ ගනී කටුගස්තොට නවයාලතැන්න ජම්බුගහපිටිය මාර්ගයේ ගමන් ගත් වෑන් රථයක හදිසියේ තිරිංග ක්‍රියා විරහිත වී සිදු වූ අනතුරකින්14 හැවිරිදි දියණියක සහ ඇයගේ 47 හැවිරිදි පියාකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි. 11 February 2023
පළාත් ඡන්දයට බාධා කිරීම් විස්සක් පළාත් පාලන ඡන්දයට විවිධ බාධා කිරීම් විස්සක් පමණ සිදුවී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතා පැවසීය. 11 February 2023
භූ කම්පන ගැන සොයන්න කණ්ඩායම් දෙකක් මොණරාගලට මොනරාගල, බුත්තල ආශ්‍රිතව සිදුවූ භූ චලන සම්බන්ධයෙන් පර්යේෂණ කිරීම සඳහා භූ විද්‍යාඥයින් කණ්ඩායම් දෙකක් එම ප්‍රදේශවලට පිටත්ව ගිය බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසයි. 11 February 2023
රුවන් අන්නාමලෙයි හමු වෙයි ශ්‍රී ලංකාවේ සිව් දින සංචාරයක නිරතවන භාරතීය ජනතා පක්ෂයේ (BJP) තමිල්නාඩු ප්‍රාන්ත සභාපති කේ.අන්නාමලයි (K. Annamalai) මහතා සහ දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා අතර හමුවක් අද (11) උදෑසන යාපනයේදී සිදුවිය. 11 February 2023
උතුරු නැගෙනහිර මහජාතිය දෙමළ ජනතාව උතුරු නැගෙනහිර මහ ජාතිය දෙමළ ජනතාව බව දෙමළ ජනතා ජාතික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සීවී විග්නේශ්වරන් මහතා පැවසීය. 11 February 2023
මුල්ලේරියාව දේව පතිමා සොර ගත් අය මාට්ටු මුල්ලේරියාව පොකුණු ගොඩ මහා කරුණා භාවනා මධ්‍යස්ථානයේ තිබු සොරාගන්නා ලද ගණදෙවි ප්‍රතිමාව සහ කතරගම දෙවි ප්‍රතිමාව සොරාගන්නා ලද සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 11 February 2023
ගමේ මන්ත්‍රීවරු රොත්තකටම මැතිසබය එපාවෙලා ඈත දුර බැහැර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සියයට විස්සත් තිහත් අතර සංඛ්‍යාවක් අධික ඉන්ධන මිල ගණන් හේතුවෙන් මැතිසබයට පැමිණීම සීමා කර ඇතැයි වාර්තා වේ. 11 February 2023
උතුරේ ශක්තිය ජාතික ආර්ථිකයට ඈදා ගන්නවා රටේ ජාතික ආර්ථිකයට පුළුල් දායකත්වයක් සැපයිය හැකි අයුරින් උතුර සංවර්ධනය කරන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ දී පැවසීය. 11 February 2023
’’මට ගහපු එකෙක් බේරෙන්නේ නැහැ’’ නිවෙස ගිනි තබා දේපළ කොල්ලකෑමෙන් තමාට ඇතිවූ දුක ඒක කරපු අයටත් කවදාහෝ ආපස්සට කැරකෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී නිමල් ලන්සා මහතා පැවසීය. 11 February 2023
පොලිස් අශ්වයන්ටත් ගමේ කෑම ඩොලර් ප්රශ්නය හේතුවෙන් පොලිස් අශ්වයන්ට රට කෑම ලබාදීම වෙනුවට කොල්ලු, කඩල, බඩඉරිඟු වැනි දේශීය ආහාර වර්ගවලට හුරු කරවීමේ වැඩපිළිවෙළක් අරඹා ඇතැයි පොලිස් අශ්වාරෝහක කොට්ඨාසය පවසයි. 11 February 2023
තල්මස් පැටවුන් 14ක් කල්පිටියට ගොඩ ගසයි කල්පිටිය කුඩාව ඕෂන් විව් බීච් සංචාරක හෝටලය අසල මුහුදු තීරයට අද අලුයම තල්මස් පැටවුන් 14 දෙනකු ගොඩගසා ඇති අතර ඉන් තිදෙනක් මියගොස් සිටි බව කල්පිටිය වනජීවි අඩවි ආරක්ෂක කාර්යාලය කියයි. 11 February 2023
උතුරු නැගෙනහිර වෙරළබඩට වැස්ස උතුරු සහ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල අද (11) වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 11 February 2023
බුත්තල හෙල්ලීමට හේතුව ශ්‍රී ලංකාවේ බුත්තල ප්‍රදේශයට දැනුන භූමිකම්පාව ඉන්දු- ඔස්ට්‍රේලියානු තලයේ බිඳී යාමක් හේතුවෙන් ඇති වූවක් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යාව පිළිබඳ ජේෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි . 10 February 2023
හොර නෝට්ටු සමග සරසවි සිසුහු දෙකක් මාට්ටු රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු තුනක් සන්තකයේ තබාගෙන සිටි බව කියන අම්පාර ඔලුවිල් විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි අක්කරෙයිපත්තුව පොලිසිය පවසයි. 10 February 2023
සමලිංගිකත්වයට එතෙර සිට ආ පිරිසක් අල්ලයි ගණිකා වෘත්තිය ලංකාවේ නීතිගත කර ඇති බව පවසා විදෙස් රටවලින් කාන්තාවන් සංචාරක වීසා මත ගෙන්වා ගෙන එම කාන්තාවන් ගණිකා වෘත්තියේ යොදවා රුපියල් ලක්ෂ ගණනින් මුදල් ඉපයීමේ ජාවාරමක නිරතව සිටී සිටි බව කියන පුද්ගලයන් තිදෙනෙක් වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවසක් වටලා පොලිස් ළමා හා කාන්තා ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. 10 February 2023
ලංකාව මෝටර් රථයක් නිපදවයි ශ්‍රී ලංකාවේ දී පළමු වරට එකලස් කරන ලද Hyundai Grand i10 මෝටර් රථය කොළඹ සිටි සෙන්ටර් හිදී අද (10)මුල් වරට වෙළෙඳපොලට හඳුන්වා දීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. 10 February 2023
යකඩ සොරා ගත් දුම්රිය ලොක්කො 4කගේ වැඩ තහනම් මහව සිට ඕමන්තේ දක්වා දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණ කිරීමේ ව්‍යාපෘතිය සඳහා ආනයනය කළ රුපියල් ලක්ෂ ගණනක යකඩ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිවු දෙනකුගේ සේවය අත්හිටුවීමට ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පියවර ගෙන තිබේ. 10 February 2023
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026