
(අංජුල මහික වීරරත්න)
රටේ ජාතික ආර්ථිකයට පුළුල් දායකත්වයක් සැපයිය හැකි අයුරින් උතුර සංවර්ධනය කරන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ දී පැවසීය.
සංහිඳියාවෙන් පමණක් ආර්ථිකය ගොඩනැඟිය නොහැකි බවත් ආර්ථික සංවර්ධන වේගය රඳා පවතින්නේ ජනතාවගේ ආකල්ප සහ කැපවීමේ ප්‍රමාණය මත බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය.
යුද්ධයට පෙර උතුරු පළාතෙන් ජාතික ආර්ථිකයට පුළුල් දායකත්වයක් ලබා දුන් බව කී ජනාධිපතිවරයා එම ශක්තිමත් ආර්ථිකය යළි උතුරේ ඇති කිරීමට අවශ්‍ය සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන බව පැවසිය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ උතුරු පළාතේ පවතින ගැටලු සම්බන්ධයෙන් යාපනයේ දී පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.
උතුරු පළාතේ දේශපාලන නියෝජිතයන් සහ විද්වතුන් පිරිසක් මීට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාව කියන්නේ එක රටක්. ඡන්දෙ ගන්න බයිලා කියන්නේ නැතිව රටම එකතුවෙන ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් හදන්න.
හැමදාම අරක කරනවා, මේක කරනවා කියනවා විතරයි, කරපු කෙහෙල්මලක් නැහැ...
යුද්ධයට කලින් උතුර රටේ ආර්ථිකයට දායක වුනේ 13 සංශෝධනය තිබිලද? 13 සංශෝධනය බලාත්මක කළොත් ඔය කිසිම දෙයක් දකුණට ලැබෙන්නේ නැහැ. උතුරේ තියෙන සියලු හමුදා කඳවුරු, බෞද්ධාගමික ස්ථාන ඉවත් කරනවා. දැනටමත් ඒක කරමින් ඉන්න එකේ ඉතුරු ටික දවසින් ඉවරයි. තමුන් ඉතිහාස ගතවෙනවා... ශ්‍රී ලංකාව දෙකඩ කරලා විනාශ කරපු කෙනෙක් හැටියට... හමුදා නිලධාරීන් සටන් කළේ අපරාදෙ කියලා දැනටමත් කියනවා. 13 ක්‍රියාත්මක කරලා ආයේ ලංකාවේ නම් ඉන්න හිතන්න එපා...
මෙයාගේ කෙරුවාවල් සේරම අනාගත කාලේ වාක්‍ය තමයි. සමහර ඒවා 2050 දී. මේවා හැබෑවෙනකොට මෙතනන් බාගයක් එලොව, ඒක නිසා සෙල්ලිපියක වත් කොටන්න ඔය වටිනා අදහස්..
රනිල් ගොයියා මෙතෙක්කල් නොතිබුණු ආර්ථික ශක්තියක් ඇදගන්න රටෙන් 2/5 බිලිදෙන්නයි හදන්නේ.... ආර්ථික ශක්තියක් හම්බවෙයි රට ෆෙඩරල් වුණාම...
රනිල් 13 සම්මත කරලා ඉන්දියාවටම යන්න. ආයේ මෙහෙ හිටියොත් ගඩාෆිට වුණු දෙයටත් වඩා දෙයක් වෙලා තමයි ඉවර වෙන්නේ...