IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


බවුසර රියැදුරා අසුන මතම මරුට

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

මීරිගම පස්යාල මාර්ගයේ ගමන්ගත් ඉන්ධන බවුසරයක  රියදුරා හදිසියේ රෝගාතුරු වී මිය යාම නිසා ඔහුගේ පාලනයෙන් ගිලිහුණු බවුසරය අධිබලැති විදුලි රැහැනක ගැටී  පොල් ගස් දෙකක් පෙරලාගෙන ගෙස් නතර වීම නිසා රිය සහායකයා තුවාල ලබා වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කළ බව නිට්ටඹුව මූලස්ථාන පොලීසිය පවසයි.

මෙම බවුසරය සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සිට ඩීසල් රැගෙන කල්මුණේ දක්වා ධාවනය වීමෙන් තිබූ එකක් යැයි නිට්ටඹුව මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

ඉන්ධන රැගත් තෙල් බවුසරය පදවාගෙන යන අතර වාරයේ රියදුරා එක්වරම රිය සහයක අසුනට ඇද වැටුණු බවත් ඔහු හෘද රෝගීයකු  බවත් තොරතුරු අනාවණය වි ඇතැයි  පොලීසිය සඳහන් කරයි.

රියදුරා රිය සහයක අසුනට ඇද වැටීමෙන් පසු අධිබල විදුලි රැහැන් කණුවක ගැටීමෙන් අනතුරුව පොල් ගස් දෙකක ද ගැටී නතර වූ බව ඔහු වැඩිදුරටත් පොලීසියට පවසා ඇතැයි කියති.

ඉන් මුදාගෙන වහාම වතුපිටිවල රෝහලට රැගෙන ගොස් ඇතැයිද පොලිස් ආරංචි මාර්ග පවසයි.

වෛද්‍යවරුන් පරීක්ෂාකර බලා රියදුරා මිය ගොස් ඇති බව දැනුම් දී ඇතැයි දපොලිසිය සඳහන් කරයි.

 



අදහස් (3)

බවුසර රියැදුරා අසුන මතම මරුට

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 12 February 2023 09:13 AM

"ඔහු හෘද රෝගියෙකු බවට තොරතුරු අනාවරණය වී ඇත" රියැදුරා එවන් රෝගියෙකු වී සිටියදීත්, ඔහුට ඉන්ධන පුරවාගත් බර වාහන පදවන්නට යොදවලා. මේක නම් අපූරු රටක්..

:       2       25

Rohana Sunday, 12 February 2023 02:16 PM

හෘද රෝගියෙකුට ඉන්ධන බවුසරයක් එලවන්න දෙන එකම රට ලංකාවයි...

:       2       12

සමන් Sunday, 12 February 2023 05:23 PM

හෘද රෝගියෙකුට ඉන්ධන බවුසරයක් පදවන්න දීලා කියලා නොයෙක් ආකාරයේ කමෙන්ට් යනවා. නමුත් ඔහු හෘද රෝගියෙකු බව තෙල් සංස්ථාව දැන සිටියාද නැද්ද කියලා අපි දන්නේ නැහැනේ. සමහරු ලෙඩ හංගනවා. නොයෙක් හේතු මත මේ තැනැත්තා රැකියාවේ සිටියා වෙන්න පුළුවන්.

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 541 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site