
(අංජුල මහික වීරරත්න)
උතුරේ නැවත පදිංචි කෙරෙන පවුල් 197ක් සඳහා ඉඩම් ඔප්පු ප්‍රදානය සහ රුපියල් 38,000 බැගින් වූ චෙක්පත් ප්‍රදානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද (11) සිදු කෙරිණි.
සිවිල් යුද සමයේ ආරක්ෂක අංශ භාවිතයේ පැවති උතුරේ ඉඩම් නැවත මුල් පදිංචිකරුවන් වෙත ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාවට නංවා ඇති වැඩසටහන යටතේ මෙම ඉඩම් නිදහස් කිරිම සිදු කර තිබේ.
සංකේතාත්මකව කිහිප දෙනකු වෙත ඉඩම් ඔප්පු සහ චෙක් පත් ප්‍රදානය ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.
වසර 33ක කාලයක් අවතැන්ව සිටි මෙම පිරිස් තම ඉඩම් නිදහස් කර දීම පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සිය ස්තුතිය පුද කළහ. ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ,ජනාධිපති ලේකම් සමන් ඒකනායක, උතුරු පළාත් ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් එම්. ඉලංගෝවන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේශ්වරන් මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්ද ගුණ්ඩු නේද සූත්තර පුංචා...?
ඔහොම නොවෙයි, විග්නේශ්වරන්ට රිදී බන්දේසියක තියලා ලංකාවේන් 2/5 දෙන්න හදන්නේ...
වසර 33ක කාලයක් අවතැන්ව සිටි මෙම පිරිස් තම ඉඩම් නිදහස් කර දීම පමණක් නොව සිංහල භාෂාව කතාකරන පොලිස් නිලධාරීන් අඩුකර උතුරේ ද්‍රවිඩ භාෂාව කතා කරන්නා වූ පොලිස් නිලධාරීන් ප්‍රමාණය ඉහළ දැමිය යුතුවේ. උතුරේ ද්‍රවිඩ ජනතව අතර caste ගැටලුව තිබෙනාවූ නිසා ද්‍රවිඩ පුරවැසියන් සිංහල පොලිස් නිලධාරීන් වෙත ගොස් ගැටළු නිරාකරණය කරගැනීමට කැමැත්තක් දක්වන බවත් කියවේ. caste ගැටලුවට විසඳුමක් වශයෙන් උතුර ප්‍රදේශය අඩු සැලකිල්ලක් දක්වන්නාවූ caste අයත් ඉහළ පොලිස් නිලධාරියකු යටතට පත්කිරීම සුදුසු නොවේද?