(සුජිත් හේවාජුලිගේ )
උතුරු නැගෙනහිර මහ ජාතිය දෙමළ ජනතාව බව දෙමළ ජනතා ජාතික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සීවී විග්නේශ්වරන් මහතා පැවසීය.
තමා ඉල්ලන්නේ ෆෙඩරල් බව පැවසූ මන්ත්‍රීවරයා බලය බෙදීමට ඉන්දියාව එකඟ බවද සඳහන් කළේය.
භික්ෂූන් වහන්සේලා දේශපාලනයට පැමිණීම හොඳ නැති බවත් සිවුරු ඇඳගෙන දේශපාලනය නොකරන්නැයි උන්වහන්සේලාගෙන් ඉල්ලා සිටින බවත් කළේය.
හින්දු පූජකවරුන් දේශපාලනය නොකරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයේම නැගිටින්න වගේ හිතන් ඉන්නේ...
සාටකය දාගෙන දේශපාලනය කළාට කමක් නැහැ නේද?
රට කඩා වැටුණු දා, එක් ව ගොඩගත යුතු වුණා. වගකීම් පැහැර හැර නායකයින් බල ලෝභයෙන් කා කොටා ගන්නවා. මිනිසුන් වෙනුවෙන් ඉදිරියට එනවා වෙනුවට, හැමදේටම විරුද්ධවී රට අගාධයට ගෙන ගොස් බලය ලැබේවි යැයි සිතා සිටිනවා. දේශපාලනය අතහැර එකතු වන්න. කාටවත් ස්ථාවර බහුතරයක් නැහැ. අස්ථාවර කළාම අවස්ථාවාදී බෙදුම් වාදය තමයි ජය ගන්නේ... දැන්වත් සර්ව පාක්ෂික ස්ථාවර රජයක් සඳහා එකමුතු වෙන්න. කවුරු නායකයා ද යන්න අපිට අදාල නැත...
ඕක ගිහින් කියන්න සිංහල මස්සිනාට.. එනවා මෙතන රට කොටවන්න...
පොදුවේ සිංහල හා දෙමළ වැසියන්ට ජාතිභේද, ආගම් භේද ආදිය වුවමනා නැහැ. ඒත් දෙපාර්ශවයේම සිටින දේශපාලකයින් හට තමයි මේ භේද ආදිය අවුස්සා ජන සමාජය භේද භින්න කොට දේශපාලන වාසි ලබාගැනීමට වුවමනාව තියෙන්නේ. එක හොඳ දෙයක් කිව්වා. භික්ෂූන් සිවුරු දරමින් දේශපාලනය නොකළ යුතු බව හා හින්දු ආගමේ පූජකවරුන් දේශපාලනය නොකරන බව... ඒ දේ අපේ වගකිව යුත්තන් හට පෙන්නා දුන්නාට ස්තූතියි.
රටේ මහ ජනතාව සිංහලයින්, දෙමල්ලුන් මේ රටට පසු කාලයක ගොඩබැස්ස ජාතියක් මිස රටේ මුල් පුරවැසියන් නොවෙයි. මුල් පුරවැසියන් නම් රට මැද බින්න බහින්නේ නැතුව මොන කෙන්ගෙඩීයකටද රටේ ඝර්ම කලාපයේ පදිංචි වුනේ. දුටුගැමුණු රජුත් මහින්දත් එකම වැරැද්ද කළා. මේ අයව සම්පූර්ණනයෙන්ම එලවා දමන්නේ නැතුව බාගෙට වැඩේ නැවැත්තුවා. හාමුදුරුවරු රට වෙනුවෙන් ඉදිරියට ආවේ දෙමල්ලු මෙරටට එන්නත් කලින්. ඒ නිසයි මිහිඳු හාමුදුරුවෝ තිස්ස රජුට පැවසුවේ ඔබ මේ රටේ අයිතිකරු නොවෙයි ආරක්ෂකයා පමණි කියලා. හින්දු කාරයින්ට මේ රටේ දේශපාලනය කරන්න කිසිම ඉඩක් නැහැ.
මේ මනුස්සයා හැමදාම බලයේ ඉන්න බලාගෙන ජාතිය භේද කරනවා. ඒත් පුතා විවාහ කරගෙන ඉන්නේ වාසුගේ දුවලු... ඉතින් ඔවුන්ට නැති ජාති භේදයක් අනෙක් මිනිසුන්ට මොකටද? මෙහෙම ජාතිය විනාශ කරන ජාති වාදීන් සමාජයෙන් තුරන්කර දමමු...
කෝ මේ අරගල කාරයෝ..? ජෙප්පෝ රට බේරාගන්න එළිබහින්නේ නැද්ද? මොවුන් යුද්ධය කාලෙත් හැංගුණා රට බෙදන්න ලැහැස්ති වෙනකොටත් හැංගිලා. ගාන්ධි ඝාතකයෙක් ලංකාවේත් බිහිවෙයිද?
රාජාසන කතාව ඉවර කරලා යනකොට ලොක්කා මෙයාගේ පිටට තට්ටුව දාලා ගියේ ඇයි...? කොහොම නමුත් ඉඩම් සහ පොලිස් බලතල දුන්නොත් ඉස්සර වෙලා ඉවත් කරන්නේ පන්සල් ටික. ක්‍රිස්තියානි සම්භවයක් තියෙන ලොක්කාට ඒක අවුලක් නැහැ. එහෙම කරලා රට ගිනි තියන්න එපා. මේක අනතුරු ඇඟවීමක්...
කොතැනද දැන් මහ? අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ. එච්චරයි... සූත්තර පුංචාගේ ඇම නියමෙටම නැගලා යනවා වගේ... එයා මේ හදිස්සියේ 13 ඇදලා ගත්තේ ඕකට තමයි.
සුපුරුදු ගතියක් තියෙනවා. ආ... මහින්ද ඡන්දෙට ලෑස්ති වෙනවා...
හින්දු සහ කතෝලික පූජකවරුන් දේශපාලනය කළ හැටි අපි යුද සමයේ අත්දුටුවෙමු. රායප්පු ජෝශප්ලා, සවුන්දර්නාගම්ලා එකල කළ සෙල්ලම් අපට අමතක නැත. ඔබතුමා විසින් විකෘති කරන ලද ඉතිහාසයට අනුව කටයුතු කළොත් සිදුවන්නේ අප රට තුළ ද ඊශ්‍රායල් සහ පලස්තීන වැනිි තත්ත්වයක් ඇතිවීමයි...
මහා ජාතියක් කියලා ජාතියක් නැහැ. මේ ලෝකේ ඉන්නේ මනුස්සයින්... මිනිස්සුන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ හොඳ ජීවන තත්වයක් ලබාගන්න. මේ වයෝවෘද්ධ දේශපාලුවන්ට ඕනෑවෙලා තියෙන්නේ දුප්පතුන් ගොනාට අන්දවාගෙන සුඛෝපභෝගි විදියට කොළඹට වෙලා සුර සැප විඳින්න...
පුතාට දකුණේ මහජාතියෙන් ලේලියක් ගත්තේ ඇයි...? අනික තමුන් පදිංචිව ඉන්නේ කොළඹ නේද?
විග්නේෂ්වරම් හිටියා වගේ කට පියාගෙන ඉන්න... රනිල්ගේ හයිය අරන් දොඩවන්නේ නැතිව...
රාජපක්ෂලයි, විග්නේශ්වරන්ලයි අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතුව ජාතිවාදේ අවුස්සලා ගොඩයන්නයි බලන්නේ...
එතකොට බම්බලපිටිය, වැල්ලවත්තට මොකද වෙන්නේ?
ගෝඨාභය මැතිඳුන් එලවා දැමීමට අරගල කල කාලකණ්නි රටට වන අනාගත වුවදුරුවල වගකීම බාරගත යුතුයි.