(සුජිත් හේවාජුලිගේ )
ඈත දුර බැහැර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සියයට විස්සත් තිහත් අතර සංඛ්‍යාවක් අධික ඉන්ධන මිල ගණන් හේතුවෙන් මැතිසබයට පැමිණීම සීමා කර ඇතැයි වාර්තා වේ.
එසේම පෞද්ගලික කටයුතු සඳහා කොළඹට පැමිණීම සහ වෙනත් ගමන් බිමන් යෑමද සීමා කර ඇතැයි දැනගන්නට ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ හිටපු අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවසුවේ තමාට අම්පාරේ සිට කොළඹට පැමිණ යෑමට වරකට රුපියල් පනස් දහසකට වැඩි මුදලක් වැය වන බවයි
උතුරු පළාතේ මන්ත්‍රීවරුන්ට කොළඹට පැමිණ යෑමට රුපියල් අසූ දහසක් පමණ වරකට වැය වන බව කියති.
මේ අතර මන්ත්‍රීවරුන්ගේ දීමනාවෙන්ද රුපියල් අසූ දහස, ලක්ෂය බැගින් බදු කපා ගෙන ඇතැයි වාර්තා වේ.
මන්ත්‍රීවරුන්ගෙන් බදු අය කරන්නේ කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ දීමනා සියල්ල එකතු කර ඊට සමානුපාතිකව බවත් මෙය ඉතා අසාධාරණ තීරණයක් බවත්
විමලවීර දිසානායක මහතා පැවසුවේය.
මේ සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් රැසක් කතානායකවරයා ඇතුළු පාර්ලිමේන්තු ප්‍රධානින්ට දැනටමත් පැමිණිලි කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලාට බස්වල සහ කෝච්චිවල නොමිලේ යාමට සීසන් එකක් දෙන්න ඕනේ... රටේ අනිත් මිනිස්සු බදු ගෙවනවා නම් මන්ත්‍රීලා බදු නොගෙවා කොහොමද?
ජනතාවගෙන් බදු අයකරන කොට හොඳයි. මන්ත්‍රීවරුන්ගෙන් අයකරන කොට තමයි බදුවල තරම තේරෙන්නේ... පුද්ගලික අංශයේ අයගේ බදු අයකිරීමට වැටුපට අමතරව ඒ අයට ලබාදී ඇති වාහනය, රියදුරු, ඉන්ධනද, මෙඩිකල්, නිවාස, අතිකාල දීමනා ද ඇතුළත්කර බදුඅයකිරීම මොන තරම් අසාධාරණද? ආදායම වැඩිකර ගැනීමට බදු අයකළ යුතුයි. එය සාධාරණ විය යුතුයි...
පොදු ප්‍රවාහන සේවා කියලා දෙයකුත් තියෙනවා. රටේ අනිත් මිනිස්සු යන්නේ එහෙම...
නුඹලා ගෙනාපු බදු පනතනේ. මහජනතාවට හොඳ නම් නුඹලාටත් ඒක හොඳ වෙන්න ඕනෑ. ඊයේ පෙරේදා සංශෝධනය කරගත්තෙත් ඔය ටිකනේ...
හපොයි, හපොයි, වියදම් අධිකයි කියලා තේරුම් ගත්තු එකම මදිද? නැතිනම් ඒක ඡන්ද ගුණ්ඩුවක්ද?