(ඉන්දිකා රාමනායක)
මුල්ලේරියාව පොකුණු ගොඩ මහා කරුණා භාවනා මධ්‍යස්ථානයේ තිබු සොරාගන්නා ලද ගණදෙවි ප්‍රතිමාව සහ කතරගම දෙවි ප්‍රතිමාව සොරාගන්නා ලද සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
සැකකරු සහ තවත් පුද්ගලයෙකු ඉකුත් 9 දින අළුයම මෙම භාවනා මධ්‍යස්ථානයට ඇතුළු රුපියල් ලක්ෂ 5ට යන්න වටිනාකමකින් යුතු ප්‍රතිමා දෙක සහ පිං කැටය තිබූ රුපියල්20.000 මුදලක් සොරා ගෙන පලාගොස් ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන පැවැත්වීමේ දී සැකකරුගේ නිවසේ තිබී එම පිළිම දෙක නිවැසියන් විසින් පොලීසියට බාරදී ඇති අතර පලා ගොස් සිටි සැකකරු ඊයේ (10) රාත්‍රියේ කැලණි නදී ගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
ඔව් තදින්ම මත් කුඩු වලට ඇබ්බැහි වී සිටින්නෙකු බවද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නරකම නැහැ කරපු වැඩේ....!