(සුජිත් හේවාජුලිගේ )
ඩොලර් ප්‍රශ්නය හේතුවෙන් පොලිස් අශ්වයන්ට රට කෑම ලබාදීම වෙනුවට කොල්ලු, කඩල, බඩඉරිඟු වැනි දේශීය ආහාර වර්ගවලට හුරු කරවීමේ වැඩපිළිවෙළක් අරඹා ඇතැයි පොලිස් අශ්වාරෝහක කොට්ඨාසය පවසයි.
අශ්වයන්ට දේශීය ආහාර වර්ග ලබාදීමට කළ පරීක්ෂණ ඉතා සාර්ථකවී ඇතැයි එම කොට්ඨාසයේ උසස් නිලධාරියෙක් ඉරිදා ලංකාදීපයට පැවසීය.
මේ අතර පොලිස් අශ්වාරෝහක කොට්ඨාසය සඳහා අශ්වයන් තවත් 12 දෙනකු විදේශයෙන් මිලදී ගැනීමට අනුමැතිය ලැබී ඇතැයිද එම නිලධාරියා සඳහන් කළේය.
පොලිස් අශ්වාරෝහක කොට්ඨාශයේ දැනට සිටින්නේ අශ්වයන් 36 දෙනෙකු පමණක් හෙයින් පොලිසියේ රාජකාරි කටයුතු සඳහා එය ප්‍රමාණවත් නොවන බව එහි නිලධාරීහු පෙන්වා දෙති.
පොලිසියේ රාජකාරි කටයුතු සඳහා යොදා ගන්නා අශ්වයකු රුපියල් ලක්ෂ හතළිහකට වැඩි වටිනාකමකින් යුක්තය.
පොලිස් අශ්වාරෝහක කොට්ඨාශයේ අශ්වයන් කිහිප දෙනකු වයස්ගත සහ අසනීප තත්වයේ පසුවන අතර වයස්ගත අශ්වයෙක් පසුගිය මාසයේදී මියගියේය.
මේ අතර අශ්වයන් සඳහා රටින් ආහාර ගෙන්වීමේදී විශාල ප්‍රමාදයක් සිදුවන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඩු මුදලට පුත්තලමෙන් ගත්තොත් නරකද?
හැබැයි තණකොළ විතරක් දෙන්න එපා. ඒවා අපට අවශ්‍යයි. පට්ටි ගොන් 225කට කවන්න තියෙනවා.
මේ වෙනකන් අපිට හිටියේ බත්කන බූරුවන් විතරයි ! දැන් අශ්වයෝත් ලැබෙන්නයි යන්නේ...
අශ්වයෝ ටික මැදමූලනේ පැත්තට ගිහින් දැම්මා නම් හරිනේ? කෑමබීම වලින් අඩුවක් නැතුව වගේ... බලයේ ඉන්නකම් කෙරුවේ හොරාකාපු එකනේ?
යල්පැනගිය යුරෝපීය බොරු විකාර අත අරින්න අවශ්‍ය නම් මෙන්න අවස්ථාව. අශ්වාරෝහක බලකායක් නඩත්තු කරන්න මේ වගේ දුප්පත් රටකට පිස්සුද? මනා සැලසුම් එක්ක හොඳ ආලෝක සංඥා පද්ධතියක් තියේ නම් එච්චරයි. අශ්වයින් ඕනෑ නෑ. අශ්වාරෝහකයින් ඕනෑත් නෑ. ඔවුන් ඉන්න ගෙවල්, ගෙනියන විශේෂිත වාහන ඔය මොකුත් ඕන නෑනේ. කොච්චර සල්ලි ඉතුරු වෙයිද?
කඩල, කොල්ලු දෙශීය වුනේ කොහොමද කියලා මම මේ කල්පනා කරන්නේ...?