(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු තුනක් සන්තකයේ තබාගෙන සිටි බව කියන අම්පාර ඔලුවිල් විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි අක්කරෙයිපත්තුව පොලිසිය පවසයි.
පලතුරු වෙළඳසැලකින් පලතුරු මිලදී ගෙන ඒ වෙනුවෙන් රුපියල් 5000ක මුදල් නෝට්ටුවක් ලබාදී ඇති බව පොලීසිය සඳහන් කරයි.
මෙම මුදල් නෝට්ටුව ව්‍යාජ එකක් බව පලතුරු වෙළඳසැල අයිතිකරුට පෙනී ගිය නිසා ඔහු මේ බව පොලීසියට දැනුම් දීමක් කර ඇත.
පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පැමිණ විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන පරීක්ෂාකර බැලීමේදිඔවුන් සන්තකයේ තිබී තවත් රුපියල් පන්දහසේ ව්‍යාජ නෝට්ටු දෙකක් තිබී සොයා ගෙන ඇත.
වෙනත් පුද්ගලයකු විසින් මෙම මුදල් නෝට්ටු සැබෑ මුදල් නෝට්ටුවලට මාරුකර දෙන ලෙස පවසා තමන්ට ලබාදුන්බව සිසුන් දෙදෙනා පොලීසියට පවසා ඇතැයි කියති
රුපියල් 5000 හොර නෝට්ටු සැබෑ මුදල් නෝට්ටුවලට මාරු කර දීමෙන් පසු ව්‍යාජ මුදල් නෝට්ටු ලබාදුන් පුද්ගලයා ඒ වෙනුවෙන් කොමිස් මුදලක් ගෙවන බවට හෙළි වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය
විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනාට මෙම රුපියල් පන්දහසේ හොර නෝට්ටු ලබාදුන් පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට ද අක්කරපත්තුව පොලීසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් සජිත් පරණ රස්සාව ආයෙත් පටන් අරගෙන වගෙයි.
එක්තරා ප්‍රසිද්ධ කාන්තාවක් ලඟ රුපියල් ලක්ෂ 15 ක් ම රුපියල් පන්දාහේ නෝට්ටු තිබිලා අහු වුණා. පොලිසිය කිසිම රාජකාරියක් කළේ නෑ. මේ ළමයි තුන්දෙනා ලඟ තිබුණේ රුපියල් 3,000 යි. මේක හරිම අසාධාරණයි.