(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

මට්ටක්කුලිය සාගර විශ්ව විද්‍යාලයේ  ඉගෙනුම ලබන සිසුවකු විනෝද චාරිකාවක් සඳහා පැමිණ හලාවත තානායම අසල මුහුදේ නාමින් සිටියදී රළ පහරකට හසුවී ගසාගෙන ගොස් අතුරුදහන්ව ඇතැයි හලාවත මුලස්ථාන පොලිසිය පවසයි.

මෙසේ ගසාගෙන ගොස් අතුරුදහන් ව ඇත්තේ රඹුක්කන බණ්ඩාරවත්ත වගව ප්‍රදේශයේ පදිංචි මලිත් දිමන්ත ජයලත් නැමති 23 හැවිරිදි තරුණයෙකි.

මෙම සිසුවා ඇතුළු පිරිසක් රඹුක්කන ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් සඳහා පැමිණ හලාවත තානායම අසල මුහුදේ එම පිරිසක් සමග නාමින් සිටියදී  රළ පහරකට හසුවී ගසාගෙන ගොස් අතුරුදහන් වී ඇතැයි හලාවත මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.

හලාවත පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් ධීවරයින්ගේ ද සහාය ඇතිව අතුරුදන්ව සිටින සිසුවා සොයා මෙහෙයුමක් දියත් කර ඇත.