(සුජිත් හේවාජුලිගේ)
ආහාර අහේනිය නිසා පීඩාවට පත් ජනතාව ආහාර කිරිපිටි ඉල්ලා බොහෝ මන්ත්‍රීවරුන්ට දුරකතන පණිවිඩ ලබාදෙමින් ඇවිටිලි කිරීම සහ දුක් අඳෝනා ඉදිරිපත් කිරීම විශාල වශයෙන් වැඩිවී ඇතැයි වාර්තා වේ.
සමහර පුද්ගලයන් යම් යම් අවශ්‍යතා සඳහා මුදල් බැර කරන ලෙස ඉල්ලා බැංකු ගිණුම් අංක පවා එවන බව මන්ත්‍රීවරු පිරිසක් පැවසූහ.
මේ අතර තම නිවෙස්වලට පැමිණෙන ඡන්දදායකයන් වැඩි පිරිසක් මුදල් කෑමට ආහාර සහ පාසල් උපකරණ ඉල්ලා සිටින බව පැවසූ එම මන්ත්‍රීවරු ඒ පුද්ගලයන්ට උදව් කර තමන්ගේ මුදල් පසුම්බි හිදී ගොස් ඇතැයිද ප්‍රකාශ කළේය.
තවත් පුද්ගලයන් විදේශගත වීම සඳහා උදව් කරන ලෙස ඉල්ලා සිටින බවද ඔවුහු සඳහන් කළහ.
මේ අතර ජනතාව වෙනුවෙන් කිසියම් කඩිනම් සහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පසුගියදා ඉල්ලීමක් කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ මිනිස්සුන්ගෙන් ඉල්ලන් කන්න එපා... මිනිස්සු දෙස් දෙවොල් තියන තරමට කන මිනිස්සුන්ටත් වදියි.
1952 අගමැති සිහිනයේ සිටි ඇන් ඇම් වගේ උගතුන් පවා ජනතාවට නිකං හෝ අඩුවට කෑමට පුරුදු කළා... මිනිස්සු රජයෙන්ම යැපීමට අවශ්‍ය බව තමයි ඔවුන්ගේ දැක්ම වුනේ... එහෙම කිරීම බිලීපිත්තක් නොදී මාලු අල්ලාදීම වගේම වුණා... අවුරුදු 75ක්ම මෙහෙම කළා... ඉතින් පරම්පරා කීපයක් මෙහෙම පුරුදු වුණාම මිනිස්සු නිකං ඉඳගෙන කන්න පුරුදු වෙනවා... පාලකයින් මැතිවරණ දිනුවේ නිකංහාල්, හඳේ හාල්, ඇට අට තුනයි පනහට පාන් පොරොන්දු හා සෙවිලි තහඩු දීම, සිල් රෙදි බෙදීම සමෘද්ධි දීම වගේ නිකං ඉඳගෙන කන්න පුරුදු කළ නිසා තමයි... මේ ඔක්කොම සිද්ධ වුණේ. දැන් ඉතින් ජම්මෙට වඩා පුරුද්ද ලොකු වෙලා.. සමාජය යහමගට ගන්න බැහැ...
නියමයි, නියමයි, නියමයි... ඔන්න ඔහොම යමු... වර්ජන ගර්ජන ඕනෑ නැහැ. කන්න දෙන්න කියලා කියමු. මේ අය ඡන්දෙ ඉල්ලන්න ඇවිල්ලත් ඉවරයි. මේක තමයි කළ යුත්තේ.. මොවුන්ගේ දුරකථනවලට හැමකෙනාම දවසට එකපාර ගානෙ කතාකරන්න ඕනේ. මොවුන්ට එතකොට ඇමැති, මන්ත්‍රීකම් දාලා දුවන්න වෙනවා. සුපිරියි, දැන් තමයි නියම...
අනේ ඇමැති, මන්ත්‍රී, අගමැති, ජනාධිපති, මේ අයගේ දුරකථන අංක අපිට ලැයිස්තුවක් දාන්නකෝ...!
මේ අය එකතුවෙලා මුළු රටම හිඟන්නන් කළා. මේ කරපු අපරාධයට නම් හොඳක් සිදුවෙන්නේ නැහැ..