(යොහාන් භාසුර)
නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු විදුලි බලාගාරයට ආනයනය කළ ගල්අඟුරු නෞකා දෙකකට මුදල් ගෙවීමට නොහැකි වීමෙන් ගල්අඟුරු තොගය ගොඩබෑමෙන් තොරව දින කීපයකට සිට පුත්තලම මුහුදු තීරයේ නවතා ඇති බව ලංකා ගල්අඟුරු සමාගමේ නිලධාරියෙක් පැවසීය.
මෙම ගල්අඟුරු නෞකා දෙක ගොඩබෑමට පෙර ගෙවීය යුතු ඉතිරි සියයට 70 ක මුදල ගෙවීමට ඇති බවත් ඒ සඳහා රුපියල් කෝටි 2000 කට අධික මුදලක් අවශ්‍ය බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ගල්අඟුරු නෞකා දෙකට මුදල් නෑ
Nalaka Sunday, 12 February 2023 12:40 PM
පින්පියා කිවුවේ දැන් හරි කියලා...
pakeer Sunday, 12 February 2023 12:53 PM
ඔව් අර මෝඩයා කිව්වේ ඩොලර් මිලියන 500ක්ම තියෙනවා කියලා... ඉතුරු කරන්...
Hafeel Sunday, 12 February 2023 01:50 PM
විදේශ ණයගෙවීම අත්හිටුවලත්, මේක ගෙවන්න බැරි නම්, මේ පාලකයින් කොච්චර කල් බලයේ හිටියත්, රට ආර්ථික අර්බුදයෙන් ගොඩදාන්නේ නැහැ. මහ බැංකු අධිපති එකක් කියනවා, ජනාධිපති තව එකක් කියනවා. නමුත් අපිට නම්, පේන්නේ කිසිම ප්‍රගතියක් නැති බව.
Shyam Sunday, 12 February 2023 01:01 PM
ඡන්දෙට සල්ලි නෑ කියලනේ කියන්නේ...!
fairoos Sunday, 12 February 2023 02:39 PM
මේ වැඩබැරි ටාසන්ලා පත්කරගෙන අපි විඳින දුක... මේ කාලකණ්ණින් තොලොංචිවෙලා ගිය දවසට තමයි රටට සෙත...
ravin Sunday, 12 February 2023 02:41 PM
මේත් අර ඩුබායි වල තියෙන සමාගමෙන් ගත්තු ගල් අඟුරුද? තෙලුත් එහෙමයි, ගල් අඟුරුත් එහෙම්මයි...?
de silva Sunday, 12 February 2023 02:53 PM
අපේ විදුලිබිල වැඩිකළා, අපි මාස්පතා විදුලි බිල් ගෙවනවා. මේකට කවුද වගකියන්නේ...? දැන්වත් අපිට වහලවල් මත සූර්යකෝෂ සවිකර විදුලිබලය ලබාගන්න ක්‍රමවේදයක් සකස්කරලා දෙන්න.