(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

ගණිකා වෘත්තිය ලංකාවේ නීතිගත කර ඇති බව පවසා විදෙස් රටවලින් කාන්තාවන් සංචාරක වීසා මත ගෙන්වා ගෙන එම කාන්තාවන් ගණිකා වෘත්තියේ යොදවා රුපියල් ලක්ෂ ගණනින් මුදල් ඉපයීමේ ජාවාරමක නිරතව සිටී සිටි බව කියන පුද්ගලයන් තිදෙනෙක් වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවසක් වටලා පොලිස් ළමා හා කාන්තා ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරීන්  විසින්  සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.

තැනැත්තන් වෙළඳාම කිරීමේ චෝදනාව යටතේ ඔවුන් තිදෙනා සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය

මෙම ජාවාරම මෙහෙයවන බව කියන ප්‍රධානියා අත්අඩංගුවට ගැනීමට පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනාගෙන් එක් අයෙක් මෙම ජාවාරම මෙහෙයවන කළමනාකරු යැයි පැවසෙන අයෙකි.

අත්අඩංගුවට ගත් සැකකාර පුද්ගලයන් තිදෙනාගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම ජාවාරමේ ප්‍රධානියා ගැන තොරතුරු හෙළිවී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

කුලී පදනම මත මෙම සැකකරුවන් ලබාගෙන තිබූ නිවසේ උඩුමහලෙහි උස්බෙකිස්තාන් ජාතික කාන්තාවන් පස්දෙනකු ද සිටි බව පොලිසිය පවසයි.

මෙම කාන්තාවන් ද ගණිකා වෘත්තියේ යෙදවීම සඳහා ගෙනැවිත් සිටි අය බවට පොලිසිය සැක කරන අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි

කෙන්යානු ජාතික තිස් හැවිරිදි කාන්තාවක් පොලිස් ළමා හා ළමා හා කාන්තා කාර්යාංශයට කරනු ලැබූ පැමිණිල්ලක් මත පරීක්ෂණ පවත්වා මෙම ස්ථානය වටලා විදෙස් කතුන් ගණිකා වෘත්තීය යොදවා රුපියල් ලක්ෂ ගනිමින් මුදල් ඉපයීමේ ජාවාරමේ නිරතව සිටි බව කියන මොවුන් තිදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් ළමා ළමා හා කාන්තා කාර්යාංශයේ විමර්ශන භාර නියෝජ්‍ය පොලිස්පති නිරේණුකා ජයසුන්දර මහත්මියගේ විශේෂ උපදෙස් මත මෙම වැටලීම සිදුකර තිබේ

අත්අඩංගුවට ගැනීමට සොයන මෙම ජාවාරමේ ප්‍රධානියා ලෙස සැලකෙන පුද්ගලයා අන්තර්ජාලය ඔස්සේ කෙන්යානු ජාතික මෙම තිස් හැවිරිදි කාන්තාවට ලංකාවේ ගණිකා වෘත්තිය නීතිගත කර ඇති නිසා පැමිණෙන ලෙස ආරාධනා කර ඇතැයි පොලිසිය පවසයි