
(මොහොමඩ් ආසික්)
කටුගස්තොට නවයාලතැන්න ජම්බුගහපිටිය මාර්ගයේ ගමන් ගත් වෑන් රථයක හදිසියේ තිරිංග ක්‍රියා විරහිත වී සිදු වූ අනතුරකින්14 හැවිරිදි දියණියක සහ ඇයගේ 47 හැවිරිදි පියාකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි.
කොළඹ රාජගිරිය ප්‍රදේශයේ පදිංචි පිරිසක් කටුගස්තොට ජම්බුගහපිටියේ මළ ගෙදරකට ගොස් යළි ගම්පොළ ප්‍රදේශයේ ඥාති නිවසකට යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය කියයි.
උපකාරක පන්තියකට සිසුවිය පියා සමග ආපසු නිවෙසෙට එමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බව පොලීසිය කියයි.
අනතුරින් බරපතල තුවාල ලැබ සිටි පියා සහ දියණිය කටුගස්තොට රෝහලට රැගෙන ගියද ඒ වන විටත් මිය ගොස් තිබේ.
මෙසේ මිය ගොස් ඇත්තේ පොල්ගොල්ල පල්ලේගුන්නෑපාන ප්‍රදේශයේ පදිංචිව සිටි ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවය කරන අඹගහගෙදර රෝහණ ජයන්ත (47) නැමැති තිදරු පියකු සහ ඔහුගේ බාල දියණිය වන කටුගස්තොට නවයාලතැන්න සමුද්‍රදේවී බාලිකා විද්‍යාලයේ නව වන වසරේ ඉගෙනුම ලබන මධූෂී මේකලා ධනංජනා යන 14 හැවිරිදි දියණියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ දෙදෙනාටම නිවන්සුව පතමු. නිවන් දක්නා තුරු මෙවන් අකල් මරණයක් නොමවේවා...!
වාහන වල තත්ව පරීක්ෂාව හරියට නොකර ලබාදෙන ධාවන බලපත් සහධාවනයට පෙර ඒ වාහනයේ තත්වය නොබලා ධාවනය කරන මෙවැනි රටක මෙවැනි දේවල් කීයක් මේ දක්වා සිදුවී තිබෙනවාද? මෙවැනි දේවල් ඉදිරියට තව තවත් වැඩිවෙනවා.... මිසක් අඩුවෙන්නේ නැහැ. මිනිසුන්ගේ ආර්ථික ගැටළු නිසා මොනයම් දෙයකින් ගැටගසාගෙන ධාවනය වන වාහන තත්ත්ව පරීක්ෂණය පගාව නොගෙන සෑම මාස 6කට වරක්වත් සිදු කරන්න ඕනේ මේ නිසා...