(යොහාන් භාසුර)
මහව සිට ඕමන්තේ දක්වා දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණ කිරීමේ ව්‍යාපෘතිය සඳහා ආනයනය කළ රුපියල් ලක්ෂ ගණනක යකඩ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිවු දෙනකුගේ සේවය අත්හිටුවීමට ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පියවර ගෙන තිබේ.
අදාල නිලධාරීන් සිව්දෙනා එම ව්‍යාපෘතියේ ඉහළ තනතුරු දරන පුද්ගලයන් බවත් අදාළ සිද්ධිය පිළිබඳව විමර්ශනයක් ක්‍රියාත්මක කර ඇති බවත් ප්‍රවාහන අමාත්‍යංශයේ උසස් නිලධාරියකු පැවැසීය.
මෙම පුද්ගලයන් සොරකම් කර ඇතැයි කියන යකඩවල වටිනාකම මෙතෙක් තක්සේරු කර නොමැති බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යකඩ යක්කු...!
දැන් වේදිකාවට පැමිණි දුම්රිය පංචිකාවත්ත බලා පිටත්වනු ඇත.. ආපසු නොඑන බවත් කරුණාවෙන් සලකන්න.
ටික දවසකට වෙන්න ඇති...
හතර දෙනාගේ නමුත් දැම්මා නම් නේද හොඳ...?
මේවාට කෑ ගහන්න එක සංගම් කාරයෙක් නැහැ. මේ වෙලාවට නැට්ට ගහගෙන ඉන්නේ.... හොරා කාලා, හොරා කාලා තම සේවය කරන ආයතනය විනාශ කරලා, පඩි වැඩි කරන්න. බදු වැඩි කරන්න කියලා වර්ජනය කරන්න නම් කාලකන්නි ටිකක් ඉන්නවා...