
(අංජුල මහික වීරරත්න)
සමගි ජන බලවේගයේ තරුණ ක්‍රියාකාරී සංවිධානය වන සමගි තරුණ බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සභික හේෂාන් සිල්වා මහතා එක්සත් ජාතික පක්ෂයට එකතු විය.
කොළඹ දිස්ත්‍රික් පළාත් පාලන නියෝජිතයින් සහ ආසන සංවිධායකවරුන්ගේ හමුවක් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණු අතර එහිදී හේෂාන් සිල්වා මහතා එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ලබාගත්තේය.
පළාත් පාලන මැතිවරණයට අදාළව දැනුවත් කිරීමේ මෙම හමුව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. හේෂාන් සිල්වා මහතා සමග සමගි ජන බලවේගය තවත් සාමාජික පිරිසක් ද එජාප සාමාජිකත්වය ලබාගත් බව එජාප මූලස්ථානය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුණු ගොඩට තවත් කුණු ගොඩක ඉඳලා මැස්සො ඇවිත්...
දැන් මේක දැකලා රනිල් ගෙදර යවපු එජාප කාරයින්... අනේ අප්පෝ කියලා ඡන්දෙ දෙයි කියලා හිතලා වෙන්න ඇති... පට්ට සංදර්ශන...
2019 ඇදගත් කමිසය ගලවා පරණ කමිසය ඇදගත්තා කියලා කියන්න පුළුවන්
ණම වෙනස් උනාට එකම මුදලාලිගෙ කඩ දෙකක්
තව ටිකදවසකින් සමගි ජනබලවේගයේ නාකි ටිකත් රනිල්ගේ ඔඩොක්කුවට වැටෙනවාමයි..!
ඒ මහත්තයා හරිම ලස්සනයි .
පිටිපස්සෙන් ඉන්නේ තරුණයෝ නොවෙයි .පිස්සු යූ.එන් .පී එක